අමතක නොකල යුතු රසවත් අහර – කිතුල්පිටි

කිතුල් ගස කප් රුකක්. කිතුල් ගස ඇසුරින් කෙරෙන නිෂ්පාදන අතර කිතුල්පිටි (Kithul Flour) සඳහා ප්‍රමුඛ ස්ථානයක් හිමිවේ. අතීතයේ පටන්ම ‍ රෝග මැඩීමට මෙන්ම සුව දිවියකට මග සැලසූ කිතුල්පිටි අදටත් ගැලපෙන කාබනික අහරකි.

සාම්ප්‍රදායික ක්‍රමයනට අනුව කිතුල්පිටි නිෂ්පාදන කෙරෙනනේ කිතුල් ගසේ මැද කොටස/ කිතුල් බඩය කුඩා කැබලි කර වංගෙඩියේ කොටා පිටි බවට පත් කර එම පිටි රෙදි කැබැල්ලකට දමා ජලය එක් කොට පෙරා ඉතිරිවන සාරය වියළා කිතුල්පිටි ලෙස ලබා ගැනේ.  කිතුල්පිටි කැඳ අලුවා, සහ තලප සකසා ගැනීමට මෙන්ම අයිස්ක්‍රීම්, ටොෆි, යෝගට්, පුඩිං ආදිය සකසා ගැනීමට ද යොදා ගැනේ.

කිතුල්පිටි වල වැඩි වශයෙන් පිෂ්ඨය අඩංගු  අතර ප්‍රෝටීන්, කැල්සියම්, පොටෑසියම්, පොස්පරස්, ඛනිජ ලවණ සහ මේදය සුළු වශයෙන් අඩංගු වේ. හෙළ වෙදකමට අනුව ශීත ගුණයෙන් යුත් කිතුල්පිටි සිරුරේ දාහය නිවන, පෘෂ්ඨිමත් බව හා ජවය වඩන ආහාරයකි. උෂ්ණාධික රෝගීන් සඳහා ‍බෙහෙවින් හිතකරයි. කිතුල්පිටි කැඳ  උදෑසන හිස් බඩට පානය කළ හැකි නම්   රෝග රැසක් සුව කරගත හැක.

කෑම රුචිය ඇති කර ගැනීමට උපකාරී වන හෙයින් ගැබිනි මවුවරුන්ට, රෝගී වූවන්ට ඉතා ගුණදායක වේ. ගැස්ට‍්‍රයිටීස් රෝගීන්ට එම රෝගය පාලනයට උපකාරී වන අතර ඝණ ආහාර ගත නොහැකි රෝගීන්ගේ ශක්තිය වැඩි වීමට උපකාරී වේ. පාණ්ඩුව වළකය. ක්ෂණික ආහාර වෙනුවට කුඩා දරුවනට ලබා දිය හැකි ගුණදායකම ආහාරයකි.

සීනි සහිත නිසා දියවැඩියා රෝගීන් නිතරම ආහාරයට නොගත යුතු අතර ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝග ඇති අයට ද නිතිපතා ආහාරයට ගැනීම සුදුසු වන්නේ නැත. රසයෙන් වගේම පෝෂණීය ගුණයෙන් ද හෙබි සාම්ප්‍රදායික ආහාරයක් වන කිතුපිටි ඔබේ ජීවිතයට හැකි අයුරින එක් කර ගන්නට අමතක කරන්න එපා.

කල්හාරී

Related Articles

Don't Miss


Latest Articles