මනස අවුල් නම් වැඩියෙන් වතුර බොන්න

ඒ මොකද්ද ඒ කතාව. ඔබ පුදුමයට පත් වෙලා නේද ? එහෙත් මනස පමණක් නෙවේ බොහෝ ලෙඩ දුක් රැසකට ඔසුවක් ලෙස වතුර භාවිතා කළ හැකි බව ඔබ නොදන්නවා විය හැකියි. එහෙම නේද?

  • මිනිස් සිරුරේ සමස්ත බර ප්‍රමාණයෙන් සියයට 60 පමණ වන්නේ ජලයයි.
  • උෂ්ණත්වය පාලනයට ,පෝෂණ ද්‍රව්‍ය ප්‍රවාහනයට ,අපද්‍රව්‍ය ඉවත් කිරීමට ජලය අවශ්‍ය වනවා.
  • සාමාන්‍යයෙන් පිරිමියෙක් දිනකට වතුර විදුරු 13 ක්ද ,කාන්තාවක් 9 ක්ද ,ගර්භනී කාන්තාවක් 10ක්ද ,කිරි දෙන මවක් 13 ක්ද පානය කළ යුතු බව දල වශයෙන් සඳන් වනවා.
  • මොළයේ මනා ක්‍රියාකාරිත්වයට ජලය ඉතාමත්ම අත්‍යවශ්‍යයි.
  • සිරුරේ දියර ප්‍රමාණය සියයට දෙකකින් අඩු වූ විට මොළයේ ක්‍රියාකාරිත්වය අවම වේ.
  • එසේ වූ විට වතුර විදුරුවක සහය පැතීම සුදුසු වේ.
  • එමෙන්ම ඔබ ශාරීරික ක්‍රියාකාරකම් වල නිරත වෙද්දී ජලය පානය කිරීම අත්‍යවශ්‍ය වේ.
  • එමෙන්ම මුහුදු මට්ටමින් අඩි 4000 ක් ඉහල සිටින පුද්ගලයෙකුගේ දිනකට අවුන්ස 8 කින් ජලය අවම වේ.
  • එබැවින් කඳු ආදිය තරණය කිරීමේදී පානය කළ යුතු ජල ප්‍රමාණය වැඩි විය යුතු වේ.
  • නියමිත පරිදි ජලය ශරීරයට ලබා දීමෙන් මොළයේ ක්‍රියාකාරිත්වය ඉතා කාර්යක්ෂමව සිදු වීමට ඉවහල් වන අතර ලෙඩ රෝග රැසකින් අප සිරුර ආරක්ෂා වේ.

– ඉරේෂා –

Related Articles

Don't Miss


Latest Articles