තායි ක්‍රමයට අයිස් ටී හදමු

තායි ආහාර ලොව පුරාම ජනප්‍රියයි. චා යෙන් (Cha Yen) හෙවත් තායි තේ (Thai tea) හෝ තායි අයිස් තේ ලෙස හැඳින්වෙන පානය ඉතා ජනපප්‍රිය අතර තායි අවන්හල්වල අනිවාර්යතම අංගයකි. තේ, කිරි සහ සීනි ඇසුරෙන් සකසන ලද තායි තේ සිසිල් හෝ උණුසුම් පානයක් ලෙස පිළිගැන්වේ. මේ සඳහා බොහෝ විට ඔවුන් යොදා ගනුයේ ලංකා තේ (Ceylon tea) හා Bai Miang නම් තායිලන්තයේ හැදෙන තේ ය.

අවශ්‍ය ද්‍රව්‍ය :

  • තද කහට තේ කෝප්ප 3/4
  • ජලය කෝප්ප 4
  • සීනි සිරප් කෝප්ප1 1/2
  • කිරි කෝප්ප1 1/2
  • කුඩු කරගත් අයිස් (Crushed ice) හෝ අයිස් කැට

සාදන අයුරු :

තේ සහ සීනි සිරප් මිශ්‍ර කර නිවෙන්නට තබන්න. දිගු වීදුරු වලට කුඩු කරගත් අයිස් පුරවා ගන්න. සිසිල් කර ගත් තේ වීදුරුවක 3/4 ක් පමණ වැසෙන සේ එකතු කරගන්න. එයට මතටම එක් වීදුරුවකට කිරි හැදි 3 – 4 එක් කර ගන්න. සැකසූ විගසම පිළිගන්වන්න.

දොඩම් මල් තැම්බු ජලය, තලාගත් සියඹලා ආදී කුළුබඩු, රතු හා කහ ආහාර වර්ණක ආදිය ද තායි ජාතිකයන් මේ සඳහා එකතු කරති. නිවැරදි තායි ක්‍රමයේ දී මෙයට එවපරේටඩ් මිල්ක්, half-and-half හෝ උකු කිරි එකතු කරනු ලැබේ. එළකිරි එකතු කරන්නට අකමැති නම් සෝයා කිරි හෝ පොල් කිරි වැන්නක් ද එක් කල හැකියි. විශේෂ උත්සව අවස්තාවක් රසවත් කරගන්නට මෙය කදිම පානයක්.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles