මොළේ වැඩෙන්න කන්න ඕන කෑම මෙන්න!

කෑම කන්න ඕන ඇඟපත වැඩෙන්න විතරක් නෙමෙයි මො‍‍ළේ වැඩෙන්නත් එක්කයි. මොළයේ වර්ධනයට උපකාරී වන ආහාර වර්ග ගැන ඔබව දැනුවත් කරන්නයි මේ සූදානම..

  1. තක්කාලි – මෙහි අඩංගු Lycopene  නැමැති විශේෂ ප්‍රතිඔක්සිකාරකය මොළයේ ක්‍රියාකාරීත්වය වර්ධනය කරයි.
  1. කෙසෙල් ගෙඩි – විටමින් B6, පොටෑසියම් සහ ෆෝලික් වලින් අනූන වන හෙයින් mood fix කරන්න ඉතාම සුදුසුයි වගේම මතකය ශක්තිය වර්ධනයටත් හොඳයි.
  1. නිවිති – ෆෝලේට් අඩංගු වන හෙයින් ධාරණ ශක්තිය බෙහෙවින් වර්ධනය කරයි.
  1. හරිත තේ (green tea) – මෙහි තිබෙන Dopamine මතකය සහ අවධානය යෙමු කිරීමේ ශක්තිය වඩවයි.
  1. තද පැහැති චොකලට් (dark chocolate) – මෙය ප්‍රතිඔක්සිකාරක (antioxidants) බහුල ආහාරයක්. එමඟින් රුධිර වහනය උත්තේජනය කර ධාරණ ශක්තිය වර්ධනය කරවයි.
  1. ධාන්‍ය වර්ග – ඔමේගා 3 සහ 6, විටමින් A සහ E මොළයේ ක්‍රියාකාරීත්වය වර්ධනය කරන්න වගේම mood fix කරන්නත් ඉතාම හොඳයි.
  1. අලිගැට පේර – මෙහි අඩංගු යහපත් මේද අවධාණය යාමු කරීමට ඇති හැකියාව වඩයි.
  1. බිත්තර – Coline සහ ප්‍රෝටීන් අඩංගු හෙයින් ධාරණ ශක්තිය වර්ධනයට මෙන්ම මතක ශක්තිය වර්ධනයටත් ඉවහල්වේ.

මතක ඇතිව මේ කෑම වර්ග වැඩි වැඩයෙන් ඹබේ දෛනික ආහාර වේලට එකතු කරගන්න.

– කල්හාරි –

Related Articles

Don't Miss


Latest Articles