ගෙදර ගොඞගැහෙන රෙදි කන්ද මට්ටු කරන smart tips

ගෘහණියක් හැටියට ඔබ බොහොම කරදරයට පත් වෙන තැනක් රෙදි සේදීම. ඔබ කුඞා දරුවන් දසිටින මවක් නම් මේ තත්වය තවත් සන්කීර්ණ වෙනවා.නමුත් ඔබ කරදරයට හා කලබලයට පත් කරන රෙදි සේදීම පහසු දෙයක් කර ගන්න බැරිකමක් නැහැ.කළ යුත්තේ අපි ඒ ක්‍රම හඳුනා ගැනීම.

එදිනෙදා තමන්ගේ, පවුලේ අයගේ අැදුම් සේරම හෝදන අයත් රැකියාව නිසා කාර්යබහුල වීම නිසා සතියක අැඳුම් එකතු කරල සෝදන අයත් ඉන්නවා. ඹබ එවැනි අයෙකු නම් මේ ටිප්ස් ඔබට වැදගත් වේවී

  • ඇඳුම් එකතු කර සෝදන්න සිදු වෙනවා නම් එකිනෙකාගේ රෙදි වෙන වෙනම එකතු කරන්න සිහි තබා ගන්න.
  • ඒවා සෝදන තුරු වාතාශ්‍රය ලැබෙන පරිදි තැබීම ඉතා වැදගත්. දහඩිය නිසා දුඟද ඇති වීම වගේම ඇඳුම් වලට පුස් ඇල්ලීමත් දුර්වර්ණ වීමත් සිදු වෙන්න පුළුවන්. මේවා එකතු කිරීමට සුදුසු බාස්කට් ඔබට ප්ලාස්ටික් වෙළඳ සැල් වලින් ලබා ගත හැකියි.
  • මේවා ඉන්පසු සෝදා ගත යුත්තේ වෙන වෙනම.
  • වර්ණ වෙනස් වෙන ඇඳුම් හා සුදු ඇඳුම් සේදිය යුත්තේත් වෙන් වශයෙන්. වොශින් මැෂිම භාවිතා කළත් අතින් සේදුවාත් මේ ක්‍රමය ඉතා වැදගත්. සෞඛ්‍ය හා කල්පැවැත්ම යන කාරණා දෙකම සම්බන්ධයෙන්.

  • යට ඇඳුම් වෙනම සෝදා ගැනීම මෙන්ම  වැඞිහිටියන්ගේ රෙදි හා ළමා ඇඳුම් වෙනම සේදීම වැදගත්.  එය  සෞඛ්‍යආරක්ශාවට ඉතා  වැදගත් ී දෙයක්.

ඒ වගේම ඔබට රෙදි සේදීම සම්බන්ධව කාල සටහනක් තිබීම වැදගත්.

නිවසේ තිර රෙදි , ඇඳ ඇතිරිලි හා පොරෝණා මුළුතැන් ගෙයට භාවිතා කරන ඒප්‍රන් හා අත පිස්නා, පාපිසි, තුවා ආදිය කොපමණ කලකට වතාවක් සෝදනවාද යන්න නිශ්චිත කාලසටහනකට අනුව කිරීම ඔබගේ පිරිසිදුකම ,කාලය යන සියල්ලටම ඉතා වැදගත් .නිතර නොසෝදන මේ දේවල් සෝදන්නට කාල සටහනක් සකසා ගන්න අමතක කරන්නට එපා.

  • උදාහරණයක් ලෙස ගත්තොත් තුවා, කොට්ට උර ආදිය සතියකට වතාවක් සේදීම, ඒප්‍රන් හා අත පිස්නා දින දෙකකට වතාවක් සේදීම, තිර රෙදි මසකට වතාවක් සේදීම ලෙස ඔබ කාලසටහනක් සකසා ගැනීම වැදගත්, දූවිලි බහුල පළාත් හා නාගරික ප්‍රදේශ වල මේ කාලසටහන ඔබට ගැළපෙන ලෙස වෙනස් කරගත යුතුයි.

ඒ වගේම සබන් කුඩු හෝ සබන් දියර (Liquids) තෝරා ගැනීමේදී තමන්ගේ සමට බලපෑමක් නැති වර්ගයක් තෝරා ගන්න. රෙදි සෝදන යන්ත්‍රයට සුදුසු සබන් කුඩුද, සබන් දියරදැයි සැලකිලිමත් වෙන්න .

හිරු එළියේ රෙදි වේලා ගන්න, වැසි දිනවල ස්ත්‍රික්ක කරන්න. තෙත් බව ඉතිරි වන ඇඳුම් පුස් බැඳීමට ලක් වෙනවා වගේම සෞඛ්‍යයට ද අහිතකරයි.

රෙදි සේදීම ගැටලුවක් නොකර සැහැල්ලු දෙයක් බවට පත් කරගැනීමට මේ ක්‍රම ඔබට උදව් වේවි.

– නිබන්ධිකා වන්නිනායක –

Related Articles

Don't Miss


Latest Articles