අවුරුද්දකට වැඩි දරුවාට මව්කිරි ලබා දීම

ඔබේ කුඩා දරුවා වසරකට වඩා මව්කිරි වලට පුරුදු වී ඇත්නම් ඒ පිළිබඳ පවතින සමහර මත නිසා ඔබට යම් ගැටළු තිබෙන්නට පුලුවන්. එසේම ඔබ රැකියාවකට යනවා නම් දරුවා ක්‍රමයෙන් මව්කිරිවලින් ඈත් කරනවා විය හැකියි. ආහාර වලට පුරුදු කරද්දීත් දරුවා මව්කිරි සෙවීම ගැන කලබලයට පත් ඔබට මේ කාරණා වැදගත් වේවි.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි මාස හයක් දරුවාට මව්කිරි පමනක් ලබා දීම අත්‍යවශ්‍යයි. එසේම දරුවාට වසර දෙකක් වන තෙක්  මව්කිරි ලබා දීම ගැටලුවක් නැති බව ඔවුන්ගේ මතය. සම්පූර්ණයෙන් මව්කිරි වලට ඇබ්බැහි නොකර දරුවාව සෞඛ්‍යමත් ආහාර රටාවකට  හුරු කරන අතරම දරුවාට මව්කිරි ලබා දීම අහිතකර නැහැ.

දරුවාට ලැබෙන වාසි

  • පර්යේෂණවලට අනුව දරුවා වැඩෙන විට ඔබේ මව් කිරි වල ගුණය දරුවාගේ වයසට ගැළපෙන්නට හැඩ ගැසෙන බව පවසනවා. එම නිසා දරුවාට ලැබෙන මව් කිරි පෝෂණය අඩු බවට සඳහන් කළ හැකි වයසක් ඇත්තේ නැහැ.  පළමු වසරේදී   නිපදවෙන කිරිවලට වඩා දෙවන වසරේදී නිපදවෙන කිරි පෝෂණීය මට්ටමේ අඩුවක් වන්නේ නැහැ.වසර දෙකකින් පසුවත් මව් කිරි මගින් ප්‍රෝටීන් , මේද, කැල්සියම් හා විටමින් වර්ග ලැබෙනවා.බෙන ප්‍රයෝජන.
  • මව් කිරි බොමින් ගත කරන කාලය ඔවුන්ට ආරක්ෂාකාරී හැඟීමක් ඇති කරනවා. අභියෝග වලට මුහුණ දීමත් ලැජ්ජාශීලි අවස්ථාවන් ජයගැනීමටත් මේ ආරක්ෂාකාරී හැඟීම දරුවන්ට උදව් වෙනවා.
  • මව්කිරි ලබා දෙන අවස්ථාවේදී දරුවා සහ මව අතර ගොඞනැගෙන අන්නෝන්‍ය සබදතාව මගින් දරුවා තුල ඇතිවන සුරක්ශිත හැගීම,  ළමා කාලයේදී දරුවාට ලැබෙන නව අත්දැකීම් වලට හොඳින් මුහුණ දීමට ශක්තියක් දරුවා තුල ඇතිකරන බවත් එය අනාගතයේදී  දරුවාගේ පෞර්ෂ වර්ධනයට ධනාත්මක ලෙස බලපෑමක් කරන බවත් ළමා මනෝවිද්‍යඥන් පවසයි.
  • දරුවන් අසනීප වූ විට මව් කිරි ලබා දීමෙන් හීන වෙන පෝෂණ ශක්තිය නැවත ලබාගැනීමට හැකිවෙනවා. ආහාර රුචිය නැවත ඇති වෙනවා.
  • ලාන්සර් නම් ප්‍රකට වෛද්‍ය විද්‍යා ජර්නලයේ දත්ත අනුව මවුකිරි බින දරුවන්ගේ ප්‍රතිශක්තිය ඉතා වැඩි බව කියවෙනවා. ඇදුම රෝගයට දරුවන් ගොදුරු වීම මව්කිරි නිසා ඉතාමත් අඩුයි. හනු ආශ්‍රිත රෝග, කථන අපහසුතා පවා වැළකෙන්නට වසරකට වඩා වයස දරුවන්ට මව්කිරි උපකාර වෙනවා.
  • මානසික වශයෙන් මවට වඩාත් බැඳෙන නිසා මානසික පීඩනය වැනි රෝගවලට දරුවන් ලක් වීම ඉතා අවමයි.

මවට ලැබෙන ප්‍රයෝජන.

  • මව්කිරි දීම කරන කාන්තාවන්ට රෝග හට හෘද රෝග හට ගැනීමේ අවදානම අඩු බව නොර්වේජියානු අධ්‍යනයකින් හෙළි කරගෙන තිබෙනවා.
  • දීර්ඝකාලීන මව්කිරි ලබාදීමෙන් ඔබේ මානසික මට්ටම සාමාන්‍ය අතට හැරෙන අතර අවුරුදු හැටෙන් හෘදරෝග ඇතිවීමේ සම්පුර්ණ  අවදානම අඩු කරනවා..
  • දීර්ඝකාලීන මව්කිරි දීම රුධිර වාහිනී වල අවදානම 10% අඩු කරන බවත් ඒ අධ්‍යන වාර්තාවේ සඳහන්.

මේ විවිධ වෛද්‍ය පර්යේෂණ මඟින් හෙළි කරගත් කාරණා. අවුරුද්දක් ඉක්ම වූ දරුවෙකුට මව්කිරි ලබා දීම අත්‍යවශ්‍ය බව මෙයින් ප්‍රකාශ කරන්නේ නැහැ. එහි වරදක් නැති අතර බොහෝ ප්‍රතිලාභ ඔබටත් දරුවාටත් ලැබෙනවා. නමුත් ඔබට නොවැළැක්විය හැකි කාරණා මත වසරකට වඩා කාලයක් මව්කිරි ලබා දෙන්නට නොහැකි නම් පසුතැවීමට අවශ්‍ය නැහැ. මෙය අත්‍යාවශ්‍ය දෙයක් නොවේ. සුදුසු දෙයක් පමණයි. ගර්භණී බව, කිරි මදිකම හෝ රැකියා තත්ව මත දරුවාට තව දුරටත් මව්කිරි ලබා දෙන්නට ඔබ අපහසු නම් පෝෂ්‍යදායි ආහාර රටාවන්ට දරුවා නැඹුරු කරන්න.

මූලාශ්‍ර- babycenter.com

-නිබන්ධිකා-

Related Articles

Don't Miss


Latest Articles