ආදරය නොබිඳී රැක ගන්නට

දිර්ස කාලීන නොබිදෙන ආදර සබදතාවක් හෝ විවාහ දිවියක් අප සැමගේ ප්‍රාර්ථනය වුවත් බොහෝ ආදර සබදතා වගේම විවාහයත් කෙටි කලකින් අවසන් විම බහුලව දක්නට ලැබෙන දෙයක්. නමුත් මේ බිදවැටෙන ආදර සබදතා දෙස විමසිලිමත්ව බැලුවහොත් දැකිය හැකි කරුණක් නම්  මේ සබදතාවන් සියල්ල බිද වැටීමට මූලික හේතුන් වන්නේ  අපේ හැසිරීම මෙන්ම නොසැලකිලිමත් කම බවයි..

 කල් යත්ම විවාහ දිවියේ ඇතිවන උදාසීන බව ඔබ  දෙදෙනා දුරස් කිරීමට හේතු වෙනවා වගේම දෙදෙනාටම විවාහ දිවිය එපා කරවීමටත්  හේතු වනවා. . ඔබේ ආදර සබදතාව හෝ විවාහ දිවිය තුලත් ඇල්මැරුණු ස්වාභාවයක් ඇති වෙලා කියල ඔබට දැනෙනවා නම්  සබදතාව අළුත් කර ගනිමින් ඔබේ ආදරය රැක ගන්න කටයුතු කිරිමට හොදම කාලයයි මේ…

ප්‍රේමයෙන් බැඳෙන මුල් කාලයට වඩා සම්බන්ධය කල් ගත වෙන විට නොයෙක් ගැටලු ඇති වෙන්න පුලුවන්. ඉතින් එවැන් ගැටුම් නිසා පළුදු වී ගිය ඔබේ ආදරය නැවත අලුත් කරගනිමින් සබදතාවය නැවත ශක්තිමත් කර ගන්න  උත්සහ කරන අයෙක් ද  විය හැකියි.

දීර්ඝ කාලීන සබතාවක් පවත්වා ගෙන යාමට මෙන්ම පළුදු වූ ආදරයක් නැවත ශක්තිමත් කර ගෑනීමට ඔබට උදව් වන.. ඔබේ ආදරය හෝ විවාහය තුළ අලුත් වන්නට හැකි ක්‍රම කිහිපයක් හදුන්වා දෙන්නයි අපි සූදානම් වෙන්නේ….

ඔබේ සබදතාව ශක්තිමත් කර ගැනීමට වැදගත් සුදුසු යෝජනා කිහිපයක්  මනෝ වෛද්‍යවරියක වන වෛද්‍ය සූ ජොන්සන් වෙබ් අඩවියකට තම අදහස් පළ කරමින් යෝජනා කරනවා.

ඇය එයට දෙන නම HEAL

Hear, Empathize, Art, Love යන වචන හතරේ මුල් අකුරු වලින් තමයි මේ වචනය හැදෙන්නේ.

1.සවන් දීම (Hear)

ඔබ හොඳ අසන්නියක වීම සම්බන්ධයක් වෙනුවෙන් අවශ්‍යම කරුණක්. ඔබේ මතය හෝ අදහස් ප්‍රකාශ කිරීමටම හදිසි වන්නට එපා. ඔබේ සහකරුට සවන් දෙන්න. ඒ වගේම වෙනත් වැඩක් කරන අතරේ ඔහුට සවන් දෙන්න එපා. ඔබේ අවධානය මුළුමනින්ම ඔහුට ලබා දෙන්න. ගතින් පමනක් නොවෙයි පැහැදිලි මනසකින් ද ඔහුට සවන් දෙන්න… එවිට වචන වලින් ඔහුට ප්‍රකාශ කරගත නොහැකිව පවතින ඔහුගේ හැගීමි වලට ද ඔබට සවන්දිය හැකි වනු ඇත.බොහෝ සබදතා දුරස් වන්නේ එකිනෙකාට සවන් දීමට තරම් කාලයක් ඔවුනොවුන් අතර නොමැති වූ විටයි.. ඔබේ මතය පල කිරීමට ප්‍රථම ඔබේ සහකරුට සවන් දී ඔහුව අවබෝධ කර ගැනීමට අමතක නොකරන්න.. ඒ තුලින් ඔහුට, ඔබ පිළිබඳ විශ්වාසය ඇති වන විශ්වාසය ඔබේ සබදතාවය වඞාත් ශක්තිමත් කරාවි..

2. අවබෝධය හා අදහස් බෙදා ගැනීම- (Empathize)

සෑම විටම ඔහුගේ මානසිකත්වය අවබෝධ කර ගන්න. ගැටුමට යාම වෙනුවට අදහස් බෙදා ගන්න. සබදතාවයක් ආරම්භයේ පමණක් නොව කල්යත්ම පවා දවසේ අත්දැකීම් බෙදා ගැනීම  බොහෝ වැදගත්.එය ඔබේ සහකරුවාගේ එදිනෙදා කායික මානසික තත්වය ගැන අවබෝධයක් ඇති කර ගැනීමට ඔබට වැදගත් වේවී.. සෑම විටම ඔහු තනිවී නැති බවත් ඔබ සිටිනා බවත් ඔහුට දැනෙන්නට හරින්න. මෙහිදී විශේශයෙන්ම ඔහුගේ හැඟීම් ඔබට දැනෙන බව ඔහුට දැනෙන්නට සැලැස්වීම ඉතා වැදගත්.

3. කලාව (Art)

ආදරය කිරීම යනු කලාවක්. ආදරය ලබා ගැනීමට උත්සාහ කිරීම වෙනුවට ආදරය දීම කලාවක් කර ගන්න.ඔබේ සහකරුගේ ක්‍රමය වටහා ගන්න. ඔහු වඩාත් කැමති දේ ගැන අවබෝධයක් ලබා ගන්න. ඔහු තෑගි ලබන්නට කැමති කෙනෙක් නම් නොසිතන වෙලාවට ඔහුට දෙන තෑගි, කුඩා පුදුම කිරීම්, සුබ පැතුම් පත්, ඔහු වෙනුවෙන් භාවිතා කරන නම්, ඔබේ ආදරය සුන්දර කරාවි. ඔහු එවන් දේට අකමැති නම් ඔහු වඩා ප්‍රිය කරන ආහාරයක් සැකසීම , ඔහු කැමති චිත්‍රපටයක් හෝ ක්‍රීඩාවක් ඔහු සමඟ එක්වී නැරඹීම ඔබට කරන්න පුලුවන්. ඔබටත්,ඔහුටත් අනන්‍ය වූ.. ඔබේ සබදතාවට ගැලපෙනම දේ සොයා ගැනීමට ඔබට සිදු වෙිවී…

4. ආදරය (Love)

ආදරය රැඳෙන්නේ ඔබ තුළ ඇති ආදරය මත. කුමන හේතුවකින්වත් වෙනස් නොවී කොන්දේසි විරහිත සුවිසල් ආදරයක් ලබා දෙන්න. ගැටුම් ඇති කර ගැනීම හෝ අඬ දබර වීමට වඩා උණුසුම් හාදුවකට හා වැළඳ ගැන්මකට කළ හැකි දේ බොහෝ වග වටහා ගන්න.

ඉතින් මේ සරල ක්‍රමය ගැලපෙන අයුරින් ජීවිතයට එක් කර ගනිමින් ඔබේ ආදර සබදතාවත් ශක්තිමත් කර ගන්න..

-නිබන්ධිකා –

Related Articles

Don't Miss


Latest Articles