ලුණු මේ තරම් වටිනවා ද?

සෝඩියම් හා ක්ලෝරයිඩ් වලින් සෑදී ඇති ලුණු අපේ මුළුතැන්ගෙයට නැතුවම බැරි දෙයක්.මිනිස් සිරුරට සෝඩියම් නිපදවා ගත නොහැකි වීම නිසා ලුණු මගින් සෝඩියම් ශරීරයට ලබා ගත යුතු වෙනවා. ලුණු ශරීරයට අත්‍යවශ්‍ය වූවද ප්‍රමාණය ඉක්මවා ආහාරයට ගැනීම නුසුදුසුයි. වයස අවුරුදු 11 ඉක්මවු පසු දෛනික ලුණු අවශ්‍යතාවය 6g ක්.එම ප්‍රමාණය ඉක්මවා ලුණු ආහාරයට ගැනීම සුදුසු නැහැ.

  • ලුණු නිසි පමණ ආහාරයට එකතු කරගත් විට කුඩා අන්ත්‍රයේදි පෝෂක පහසුවෙන් උරා ගැනීමට හැකියි. එනිසා අපේ සෛලවල තිබෙන ජල ප්‍රමාණය ,පෝෂක ප්‍රමාණය හා අපද්‍රව්‍ය සමබර කර ගැනීමට උපකාර වෙනවා.
  • ලුණු අධිකව ආහාරයට ගැනීම, අධි රුධිර පීඩනය,හෘද රෝග වැනි රෝග රැසක් ඇති වීමට හේතු වෙන බවත් අමතක කරන්න එපා.

ඒ ලුණු වල ප්‍රධාන කාර්‍යය. මේ ලුණු මඟින් නිවසේ කටයුතු වලට ලැබෙන වෙනත් උදව් කිහිපයක්. 

  • රෙදි මදින ඉස්ත්‍රික්කයේ පතුලේ පැල්ලම් ඇත්නම් ඒවා ඉවත් කර ගැනීමට ලුණු යොදා ගන්න පුලුවන්.කඩදාසියක් මතට ලුණු ඉස එය මතින් මඳ උණුසුම් ඉස්ත්‍රික්කය සෙමින් ගෙන යාමෙන් එහි පතුලේ පැල්ලම් ඉවත් වෙනවා.
  • තේ පීරිසි හා බදුන් වල ඇති තේ හා කෝපි පැල්ලම් ඒ මත ලුණු ඇතිල්ලීමෙන් ඉවත් කර ගත හැකියි.
  • මාළු ටැංකිවල බැදී තිබෙන වතුර මට්ටම පෙන්වන පැල්ලම් ඉවත් කිරීම අයඩීන්  රහිත ලුණු ටැංකියේ ඇතිල්ලීමෙන් කළ හැකියි.
  • එළවළු කපන ලෑලි හොඳින් සෝදා පසුව ලුණු වලින් පෙඟවූ රෙදි කැබැල්ලකින් හොඳින් පිස දැමීමෙන් ලෑල්ලට හොද පෙනුමක් ලබා දී ඔබේ මුළුතැන්ගෙයට නැවුම් පෙනුමක් එකතු කර ගන්න අමතක කරන්න එපා.
  • ලුණු ,ලෙමන් යුෂ හෝ විනාකිරි සමග මිශ්‍ර කර ඔබට ගෙදරදීම සේදුම්කාරකයක් සාදා ගන්නත් හැකියාව තියනවා.
  • ලුණු කෝප්පයකට නටන උණු වතුර කෝප්ප එකහමාරක් මිශ්‍රකර සෝදා මුළු තැන්ගෙයි සින්ක් වල බැදි ඇති කුඩා සෙවල හා අපිරිසුදු ගන්ධය ඉවත් කර ගත හැකියි.
  • ඇදුම් වල ඇති ලේ පැල්ලම් ඉවත් කිරීමට මුලින්ම ඒවා සීතල ලුණු වතුරේ පොඟවා පසුව සබන් මිශ්‍ර උණු වතුරෙන් සෝදා හැරීමෙන් පුලුවන්.
  • ප්ලාස්ටික් මල් හා රෙදි වලින් තැනූ මල් පොකුරු වල දූවිලි බැදී ඇති විට ඒවා ලුණු දැමූ බෑගයකට දමා සෙලවීම මගින් ඉවත් කරන්න.
  • නිව‍සේ කූඹි ගැවසෙන තැන්වලට ලුණු ස්වල්පයක් ඉසීමෙන් කූඹි කරදරය මගහරවා ගන්න.
  • කැන්වස් සපත්තු වලට ඉඳහිට ලුණු ස්වල්පයක් ඉසීමෙන් ඒවායේ හම් ගඳ නැති කර ගත හැකියි.
  • බිත්තර තම්බන වතුරට ලුණු ස්වල්පයක් එකතු කිරීමෙන් බිත්තර කටුව පහසුවෙන් ඉවත් කිරීමට හැකියි.වතුර කෝප්පයකට ලුණු තේ හැදි දෙකක් දමා දියකර එයට බිත්තරය දැමු විට බිත්තරය අළුත් නම් එය දියේ ගිලෙන අතර පරණ නම් එය දිය මත පාවෙන අතර අලුත් පරණ බිත්තර සොයා ගැනීමට ඔබට ඒ ක්‍රමය භාවිතා කළ හැකියි.

-නිබන්ධිකා-

Related Articles

Don't Miss


Latest Articles