නව වසරට නිවසට අළුත් පෙනුමක් එකතු කරමු

අවුරුද්දක් අවසාන වෙමින් පවතිනවාබොහෝ අය තමන්ගේ ගෙවල් දොරවල් අස් පස් කිරීමටනවීකරණය කිරීමට මේ කාලයේ කටයුතු කරනවාඒකාකාරී බැවින් තොරව අලුත්ම අලුත් අවුරුද්දකට නිවසද අලුත් කරගැනීමට අත්වැලක් දෙන්නටයි මේ සුදානම.

නිවස වර්ණ ගැන්වීම

නිවසේ ප්‍රධානම අවධානය යොමුවන ස්ථානය වන්නේ විසිත්ත කාමරයයිඔබ මැද වයසේ සිටින්නන් නම් තරමක් තද වර්ණ සමග සුදු වර්ණය එක්කිරීමෙන් ඔබට මනසට විවේකයක් ලැබෙනු ඇතිඒ සදහා තද කොළදුඹුරුතද දම් වැනි වර්ණ ගැලපෙනවාතද වර්ණ වඩාත් සුදුසු වන්නේ සෝෆාව පිටුපස ඇති බිත්තියටයිඒ වගේම ඔබේ නිවසේ ගෘහ භාණ්ඩ අනුවද වර්ණය තීරණය කිරීම කළයුතු වනවාපැරණි ගෘහභාණ්ඩ පවතින නිවසක් නම් එම භාණ්ඩවල පෞර්ෂය ආරක්ෂා වන පරිදි වර්ණ තෝරාගත යුතු වනවා.

කෑම කාමරයට වඩාත්ම සුදුසු වන්නේ කහ සහ තැඹිලි වර්ණයිළා කොළ පැහැයද බිත්ති කිහිපයකට යොදා ගන්නට පුළුවන්.

නිදන කාමරයට සදහා සුදුකහතැඹිලි වැනි ගැළපෙන්නේ නැහැනිල්දුඹුරුතද දම් වැනි වර්ණ හොඳින් ගැළපෙනවාඊට අමතරව එම වර්ණ සමග සමපාත වන වර්ණයන්ගෙන් යුතු පින්තුර කිහිපයක්ද බිත්තියේ රඳවන්න හැකි නම් තවත් නිර්මාණාත්මක වෙසක් ගන්නවා නියතයි.

දරුවන්ගේ කාමරවලට ප්‍රබෝධමත් වර්ණ ආලේප කළයුතු වනවාඒ වගේම වර්ණ තෝරාගැනීම කිරීමට පෙර දරුවන්ගේ රුචිකත්වය දැන ගැනීමත් හරිම වැදගත්අවුරුදු පහට අඩු දරුවන්ගේ කාමර නම් ලා වර්ණයන්ගෙන්ද ඊට වැඩි දරුවන්ගේ කාමර කහතැඹිලි වැනි වර්ණ වඩාත් උචිතයි.

ගෘහ භාණ්ඩවල වෙනසක්

හැමදාම දැකල හුරු පුරුදු සෙටින්ස් දැකලා ඔබට වගේම ගෙදර අනෙක් අයටත් දැන් එපා වෙලා ඇති .ඉතින් ගෙදර පුටු මේසකාමර වල ගෘහ භාණ්ඩ දැනට තියෙන තැනින් වෙනස් කරලත් අලුත් පෙනුමක් ගන්න පුළුවන්.

ඒ වගේම තිර රෙදිත් වෙනස් කරන්න පුළුවන්හැමදාම විසිත්ත කාමරය හැඩ කළ පින්තූරමල් පෝචිචි වෙනුවට වෙනත් ඒවා තබන්නට පුළුවන්ඉවත්කළ ඒවා හොදින් සෝදා පිරිසුදු කර තැබීමෙන් නැවත මාරු කරන අවස්ථාවකදී ප්‍රයෝජනයට ගන්නට පුළුවනිබිත්ති වර්ණ ගන්වන්නට මුදල් නොමැති අවස්ථාවකදී කිසියම් සරල මෝස්තරයක් බිත්තියේ තැනින් තැනට තීන්ත ලෙස ආලේප කිරීමට හෝ කඩදාසි ලෙස ඇලවීමට හෝ පුළුවනිමේ සඳහා දරුවන්ගෙන් හොඳ සහයෝගයක් ලබා ගන්නත් පුළුවන්.

ඉතින් ලොකු දෙයක් නොවුණත් උනන්දුවෙන් ආසාවෙන් මෙන්න මේ වෙනස්කම් ටික කරලා බලන්නසැබෑ වෙනසක් ඔබ අත්විඳියි.

– ඉරේෂා –

Related Articles

Don't Miss


Latest Articles