අලුත් අවුරුද්දේ අලුත් විදියට ගෙදර විය-හියදම් බැලන්ස් කරගන්න smart tips කිහිපයක්

අලුත් අවුරුද්දක් පටන් ගන්න ඕනඅලුත් බලාපොරොත්තු අලුත් සැලසුම් සමඟ. හැමදාමත් ගෙදර වියහියදම් නිසා ගැටලු ඇති වෙනවා නම් මේ අලුත් අවුරුද්දේ එහෙම වෙන්න නොදීම ගෙදර ගෘහනිය ලෙස ඔබේ වගකීමක්. මේ tips අලුත් අවුරුද්දේ ඉඳන් පටන් ගන්න. අලුත් සැලසුමකින් ජීවිතේ අලුත් කරගන්න ඔබට හැකි වේවි.

1. විය හියදම් සටහන් කරන්න

  • මාසයේ මුලදීම ඔබට ලැබෙන මුදලින් මාසික අවශ්‍යතා සදහා ඔබ වියදම් කිරීමට අපේක්ෂිත මුදලත් ඉතිරි කිරීම් සදහා යම් මුදලකුත් ලෙස වෙන් කර ගැනීම ඉතාමත් වැදගත්.
  •  මාසයේ ඔබට කිරීමට ඇති කාර්‍යන් ලයිස්තුවක් සකස් කිරීම මෙන්ම එහි ප්‍රමුකතාව අනුව අංක කිරීමත් වැදගත් වන්නේ ඒ මගින් අනවශ්‍ය දේවල් වලට මුදල් වියදම් වීම් වලින් ඔබ වැලැක්වෙන නිසයි
  •   මාසයේ ඔබට වැයවෙන හැම වියදමක්ම සටහන් කරන්න. ඔබ උපයන මුදල් වැයවෙන ආකාරය ගැන ඔබට පූර්ණ අවබෝධයක් මේ මඟින් ලැබෙනවා. සෑම දෙයක්ම බිල් සමඟ සටහන් කරගන්න. මේ සදහා ඔබට ජංගම දුරකථනයේ ඇප් එකක් හෝ කුඩා සටහන් පොතක් භාවිතා කරන්න පුලුවන්.

2. වැඩියෙන් කරන වියදම් තේරුම් ගන්න

  • සමහර වෙලාවට ඔබ නොදැනුවත්ම ඔබේ මුදල් නාස්ති වන අවස්ථා තිබෙනවා.. ඒ දේවල් හදුනා ගැනීම එම වියදම් අවම කර ගැනීමට ඔබට වැදගත් වේවී.. උදාහරන්යන් ලෙස දෛනිකව ත්‍රීරෝද රථවලට නිතර ගෙවීම, එක් ආහාර වේලක් ලබා ගන්නේ කඩෙන් නම් වීම මෙන්ම දරුවන් සදහා ලබා දෙන අමතර කෙටි ආහාර සදහා වැය වන මුදල් දැක්විය හැක. මෙවැනි වියදම් දිනපතා සුළු මුදලක් ලෙස වැයවී මාසය අන්තිමට එය විශාල මුදලක් බවට පත් වෙන්න හැකියාව තිබෙනවා. මේ වියදම් තේරුම් ගත් විට ඒ සඳහා වෙන විකල්පයක් හෝ ඒ වියදම් අවම කරන්න ඔබට හැකියාව පවතිනවා.
  • අපි සටහන් කරගන්නා වියදම් ගැන සතිපතා සහ මාස්පතා විමසලා බැලීම වැදගත්.

3. වියදම් පාලනය කිරීම

  • වියදම් අවම කිරීම යනු ලෝබකම් කිරීම නෙවෙයි. ත්‍රීරෝද රථයක යන ගමන ලොකු දුරක නොවේ නම් ව්‍යායාමයටත් හොඳ නිසා ඒ දුර පයින් යන්න ඔබට පුලුවන්.
  • ආහාර නාස්ති වෙන්න නොදී ආහාරයට ගන්නා තරමට එළවළු පළතුරු රැගෙන එන්නත් ඉවීමේදී ප්‍රමාණවත් ලෙස උයන්න පුරුදු වීම ඉතා වැදගත්. එමෙන්ම දරුවන් සදහා රසවත්  කෙටි ආහාරයක් ඔබට නිවසේදීම සකස් කිරීමට පුළුවන්.. අවශ්‍ය වන්නේ ඔබගේ උනන්දුව පමණයි.
  • දෛනික වියදම් සටහන් පොත මාසය අවසානයේ පිරික්සා බලා ඔබට ආදායම් හා වියදම් ගැන තීරණයක් ගන්න පුලුවන්. ආදායම වියදමට ප්‍රමාණවත් නොවේ නම් ආදායම යහපත් කර ගන්නට වෙනත් සේවා ස්ථානයකට යොමු වීම, නාස්තිකාර වියදම් අවම කිරීම, පාට් ටයිම් රැකියාවක් කිරීමට යොමු විය හැකියි.

4 . හදිසියකදී ප්‍රයෝජනයට ගන්න මුදලක් සුරැකුම් කර තබා ගැනීම.

  • අසනීපයක්, හදිසි අවශ්‍යතාවයක් පැමිණි විට රට පුරා ණය ගන්න තැනක් හෙවීම වෙනුවට මාසයකට සුළු මුදලක් හෝ ඉතිරි කරන්න.
  • ගේ පුරා තැන තැන දමා ගොස් ඇති කාසි එකතු කර කැටයකට දමන්න.

 5. මාස්පතා ගෙවන බිල්පත් අවම කර ගැනීම.

  • ඔබේ ජල බිල්පත විදුලි බිල්පතට ලැබෙන මුදල වැඩි බව දැනෙනවා නම් ඔබේ නිවසේ ජලය හා පරිභෝජනය සිදු වන ආකාරය ගැන විමසිලිමත් වෙන්න.
  • ඔබේ නොසැලකිලිමත් කම නිසා ඒවා ඉහළ යනවා වන්නට පුළුවන්. ඒ පිළිබද නිතර සැලකිල්ලෙන් යුතුව ක්‍රියා කරන්න. අනවශ්‍ය විදුලි බුබුලු දල්වා තැබීම, විදුලි ස්විච භාවිතා නොකරන අවස්ථාවලදී පවා ක්‍රියාත්මක කර තැබීම, ජල කරාම හොඳින් නොවැසීම  ගැන සැලකිලිමත් වන්න.

 

Related Articles

Don't Miss


Latest Articles