පීනට් බටර් බ්‍රව්නීස් (Peanut Butter Brownies)

විවේකී දවසක හවස තේ වෙලාවේදී ලොකු පොඩි කාටත් රකසේ රස විඳින්න පුළුවන් පීනට් බටර් බ්‍රව්නි පහසුවෙන් ගෙදරදීම හදන හැටි අදත්, Chef චතුරිකා SmartLady හරහා ඔබ වෙත රුගෙන එන්න සූදානම්..

අවශ්‍ය ද්‍රව්‍ය :

  • ඇස්ට්‍රා 175g
  • ඩාක් චොක්ලට් 200g
  • පීනට් බටර් 200g
  • බිත්තර 3ක්
  • දුඹුරු සීනි 175g
  • පිටි 50g
  • බේකිං පවුඩර් තේහැඳි  ¾

සාදන ක්‍රමය :

බඳුනක් ගෙන එයට ඇස්ට්‍රා, චොක්ලට් සහ පීනට් බටර් 75g ක් දමා ඉතා අඩු ගින්දරෙන් දියකර ගන්න. ඔබට මෙය ඩබල් බොයිලිං ක්‍රමයට හෝ මයික්‍රෝ වේව් උඳුනක ආධාරයෙන් සිදුකරගත හැකියි.

දැන් ඉතිරි පීනට් බටර් ප්‍රමාණයද ඉහත අයුරින් ම යාන්තම් දියකරගෙන පසෙකින් තබාගන්න.

දැන් වෙනම බඳුනකට බිත්තර හා සීනි එක්කර හොඳින් බීට් කරගන්න. දැන් මෙයට දියකරගත් චොක්ලට් මිශ්‍රණය එක්කරගන්න. එයටම පිටි ද එක්කර හොඳින් කළවම් කරගන්න.

දැන් රවුම් හෝ හතරැස් බේකිං තැටියකට යාන්තම් ඇස්ට්‍රා තවරා එයට බ්‍රවුනි මිශ්‍රණය දමා තුනී කරගන්න. එයට උඩින් ඉතිරි පීනට් බටර් ප්‍රමාණය තැනින් තැනට වත්කර පිහි තුඩක් හෝ ටූත් පික් එකක් ආධාරයෙන් රටාවකට සකසා ගන්න.

සෙල්සියස් අංශක 200 ක රත්වූ උඳුනක ආධාරයෙන් විනාඩි 20ක් පමණ බේක් කර නිවෙන්නට හැර සංග්‍රහ කරන්න.

Chef

 

Related Articles

Don't Miss


Latest Articles