කාබයිට් පළතුරු හඳුනාගනිමු

අද වසක් විසක් නොමැති ආහාරයක් සොයා ගැනීම කළුනික සොයනවාටත් වඩා අමාරු දෙයක් බවට පත්වෙලාපළතුරු සම්බන්ධව මෙය ඉතාමත්ම ඛේදනීයයි කාබයිට්වල ආසනික්කැඩ්මියම්ඊයම්රසදිය කියන බැර ලෝහ අඩංගු නිසා ඒවා ආහාරයට ගැනීමෙන් පිළිකාවකුගඩු රෝග ආදියද සුලබ වන්නට පුළුවන්නමුත් අතරින් පතර ස්වාභාවික ලෙස පළතුරු ඉදවන වෙළෙන්දන් සුලුතරයක්ද සිටිනවාඉතින් කාබයිට් ගැසූ පළතුරු සහ ස්වභාවිකව ඉදවූ පළතුරු හඳුනා ගන්නේ කෙසේද කියා අප සොයා බලමු.

අඹ අඹ ගෙඩියේ තැනින් තැන කහ පාට ගැන්වී ඉතිරිය කොළ පාට නම් එය මිළදී ගත යුතු නැත .කාබයිට් වතුරේ ගිල්වූ විට වතුර ගෑවුණු කොටස් කහපාට වන බැවින් .සාමාන්‍යයෙන් අඹ ගෙඩියක් ස්වභාවිකව ඉදෙන්නට පටන් ගන්නේ ඉහල සිට පහළට වන අතර හොඳ සුවඳක්ද නිකුත් කරනවා .නැට්ට කොටස පිරුණු ස්වභාවයක් නැත්නම් ඒවා බලෙන් ඉදවූ ඒවා විය හැකියි .ඒ වගේම මුළු අඹය පුරාම කහ පැහැති තනි ඒකාකාර වර්ණයක් තිබේ නම් එයද බලෙන් ඉදවුවක් වනවා .

අලිපේර හොඳින් පැසුණු අලි පේර ගෙඩියක් සෙලවිමේදී ඈතුලේ ඇටය සෙලවෙනවා ඇසෙනවා .නැට්ට අසල පිරුණු ස්වභාවයක් නැත්නම් ,ඉදුණු සුවඳක් නිකුත් වෙන්නේ නැත්නම් එය බලෙන් ඉදවුවක්.

කෙසෙල් කෙසෙල් කැනක ගෙඩි ඒකාකාරීව ඉදෙන්නේ නැහැ .අතරින් පතරයි ඉදෙන්නේ .කෙසෙල් කැන ඉදීම ඇරඹෙන්නේ ඉහළ සිට පහළටයි .ස්වාභාවිකව ඉදුණු කෙසෙල් පෘෂ්ටිමත් පෙනුමෙන් යුතුයි .කැන ඒකාකාර වර්ණයකින් යුතුනම් ,දාර පෙනෙන්නට තිබේ නම් එය කෘතිමව ඉදවා තිබෙනවා.එසේම කෙසෙල් කැනේ අග කෙසෙල් මල ඉතිරිවී තිබේනම් එයත් පැසීමට පෙර කැපූ කැනක්.

පැපොල් පැපොල් ගෙඩිය ඉදෙන්නේ පහළ පැත්තේ සිට ඉහළටයි .කහ රෝස පැහැය මෙන්ම රන්වන් පැහැය ක්‍රම ක්‍රමයෙන් මුදුන වෙත සංක්‍රමණය වනවා .ස්වභාවිකව ඉදුණු පැපොල් ගෙඩිය මෘදු ස්වභාවයකින් යුතුයි .සුවඳක් වහනය වනවා .මුළු ගෙඩියම ඒකාකාර වර්ණයෙන් යුතුනම් එය කෘතිමව ඉදවූ බවට සාක්ෂියක් .

දොඩම් දොඩම් ,දෙහි .නාරං වැනි පළතුරුවලස්වභාවයෙන් ඉදුණු ඒවා පිරුණු ස්වභාවයක් ගන්නා අතර ස්වභාවික සුවඳකින් යුතුවනවා .දිළිසෙන ගතියෙන් යුතුයි .

හදිසියෙවත් ඔබ මිලදිගත්තේ රසායන ද්‍රව්‍ය සහිත පළතුරු බවට සැකයක් ඇත්නම් ගලායන ජලයෙන් හොඳින් සෝදන්න .මඳ රස්නය වතුරෙන් සේදීමත් සුදුසුයි .කෙසේ වෙතත් වඩාත්ම සුදුසු වන්නේ හොඳින් පරික්ෂා කර බලා නැවුම් පළතුරු මිලදිගැනීමයි.

– ඉරේෂා –

Related Articles

Don't Miss


Latest Articles