පියයුරු කුඩා නම් එරබදු පිහිටයි

එරබදු කියන්නේ සිංහල අලුත් අවුරුදු උදාව සමග අපට සිහියට නැගෙන ශාකයක්නමුත් එරබදු කියන්නේ දේශීය වෙද කම් වලදී ඉතාමත්ම සුලභව භාවිතා කරන ශාකයක්පරිසර හිතකාමීඅතුරු අබාධවලින් තොර හෙළ ඔසු පැලෑටි පිලිබඳ උනන්දුවන ඔබටයි මේ..

එරබදු පත්‍ර අගනා ඔසු ගුණයෙන් පිරිපුන්නයිට්‍රජන් ,පොස්පරස් වලින් පොහොසත්එරබදු කරල් වලින් බීජ ගෙන දදඬුඅතු රිකිලි සිටවා ගැනීමෙන්ද පහසුවෙන් එරබදු ව්‍යාප්ත කරගන්නට පුළුවනි.

එරබදු වලින් ඇති ප්‍රයෝජන

  • කිරිදෙන මවුවරුන්ට
  • පණු රෝග සඳහා ප්‍රතිකාර කිරීමට
  • කුඩා පියයුරු වර්ධනයට
  • වජිකරණයක් ලෙසට
  • ආර්තව ජනන ගුණය
  • තරබාරුව නිසා ඇතිවන වඳ භාවය සුව කිරීමට
  • සමාජ රෝග සුව කිරීමට
  • නින්ද නොයන අය ට ප්‍රතිකාර කිරීමට
  • සන්ධි ආබාධ වල‍ට
  • දත් සහ කන් කැක්කුමට

කුඩා පියයුරු වර්ධනයට එරබදු රහස් වට්ටෝරුව

නෙලුම් ඇට එළඟි තෙලෙන් අඹරා උදේ හවස පියයුරු මත ආලේප කරන්නපියයුරු වර්ධනය වේ.

දශමුල කසායඑළුමස් තැම්බූ වතුරඑළකිරිකෝප්ප දෙක බැගින් ගෙන කෝප්ප දෙකකට සිඳ අව්වේ කකාරා එළඟිතෙලෙන් පියයුරුමත ආලේප කරන්න.

පණු වමනයට

එරබදු දළු කොටා වන්ඩුවේ තම්බා මිරිකා ගත් ඉස්මට දෙහි ඇඹුල්මී පැණි දමා බිමට දෙන්න.

කිරිදෙන මවුවරුන්ට

එරබදු කොළ මලවාරසවත් මැල්ලුමක් සාදා ආහාරයට දෙන්නඑරබදු ලපටි කොළ සෝදා පිරිසුදු කර හීනියට ලියාගන්නපොල්රතු ළුණුඅමු මිරිස් කරලක් ලියා දමා මඳ ගින්නේ මලවා ගත යුතුයිලිපෙන් බෑමෙන් පසු දෙහි මිශ්‍ර කරන්න.

– ඉරේෂා –

Related Articles

Don't Miss


Latest Articles