ඔසු පැළයක ගුණ වරුණ 1

වර්තමානයේ බොහෝ දෙනා අප අවට පරිසරයේ තිබෙන ගහ කොළ හදුනන්නේ නැහැඅප පරිසරයේ තිබෙන බොහෝ ශාක ඖෂධ වටිනාකමින් යුතු ඒවා වනවාඑදිනෙද අපට ඇතිවන රෝග මෙන්ම විවිධ හදිසි අනතුරු සදහා විසදුම් මෙන්ම බෙහෙත් වර්ගද අප අවට පරිසරයෙන්ම සොයා ගත හැකිනම් අප කෙතරම් වාසනාවන්තද ඉතින් හදුනාගනිමු ඔසු පැළයක රුවගුණවරුණ …

තිප්පිලි – Pipera Longum

තිප්පිලි කියන්නේ තෙතමනය බහුල ස්ථාන වල පැතිරී වැවෙන වැල් විශේෂයක්පිප්පලී කියලත් මෙය හදුන්වනවාතිප්පලී ශාකයේ ඔසු ගුණ ඇත්තේ වියළන ලද කරල්වල සහ මුල්වලයිකරල් වියළාගත යුත්තේ සුළඟින් වනවාමෙම කරල් කොළ පාටින් යුක්ත වන අතර පසුව කහපාටටද වියලන විට කළු පාටටද හැරෙනවා.

තිප්පිලි සෙම් රෝග වලට නැතිවම බැරි ඔසුවක් .එමගින් ශරීරයේ සෙම පිටකිරීම හොදින් සිදුකරනවාආහාර දිරවීම හොදින් වර්ධනය කරන ගුණයක්ද මෙහි ඇති නිසා ආහාර ගැනීමට පෙර හෝ ආහාර ගන්නා අතරතුර තිප්පිලි කරලක් සැපීම අපේ පැරැණ්නන් අතර සිරිතක්ව තිබුණාඑමගින් ආහාර වැඩි ප්‍රමාණයක් ආහාරයට ගැනීමේ හැකියාව ලැබෙන බැවින් ශරීර ශක්තිය වර්ධනය සදහාද තිප්පිලි හොද ඔසුවක් ලෙස භාවිතා කෙරුණා.

ඒ වගේම මේ මගින් සිරුරේ රුධිරය නිපදවන පටක උත්තේජනය කරන නිසා හොදින් රුධිරය වැඩිමටද තිප්පිලි උපකාරී වනවා .

වේදනා නාශක ගුණයක් ඇති නිසාවෙන් විෂ සහිත කෘමින් දෂ්ට කළ විට අත් බෙහෙතක් ලෙස භාවිතා කරන්නට පුළුවනිකරලක් ඇල්දියෙන් උලච්චි කර එම දෂ්ට කළ ස්ථානයේ ආලේප කිරීමෙන් සහනයක් ලැබෙනවාසිරුර අකලට දිරාපත්වීම සහ සිරුරේ පැහැපත් බව නැතිවීම වලක්වා ගැනීමට තිප්පිලි කරලක් මී පැණි සමග දිනපතා උදයට ගැනීම සුදුසුයිතවද එය මගින් ශරිරය විවිධ ලෙඩ රෝග වලින් ආරක්ෂා වනවා.

වැවෙන පරිසරය

හොඳින් ජලය සැපයිය හැකි සිසිල් පරිසරයක වගාකරගත හැකියිඅඩි එකහමාරක් පමණ උසට වැවෙන අතර ජලාශ ආශ්‍රිතව පස ආවරණය කිරීමට සුදුසුයිපෝච්චියක අලංකාර පැලෑටියක් ලෙසද වවා ගන්නට පුළුවනි.

– චම්මි –

 

Related Articles

Don't Miss


Latest Articles