පරිගණකය නිසා සෑදෙන ලෙඩ රෝග ගැන දැනගනිමුද?

ඔබේ දවසින් වැඩිම කාලයක් ගෙවෙන්නේ පරිගණකය ඉදිරිපිට විය හැකියිඉතින් ඒ නිසාම අප සිතුවා පරිගණකය නිසා අපට වන අපහසුතාවන් පිලිබඳ ඔබ දැනගෙන සිටිය යුතුයි කියලාබලන්නමේ රෝග ඔබටත් තියෙනවා නම් දැන් ප්‍රතිකාරය පහසුයි නේද කියලා.

Computer vision Syndrome

ඇස් වියළීම,දැවිල්ල ,හිසරදය ,ඇස්වල ආතතිය මෙහි මුලික ලක්ෂණ වනවා .

Lumbar Degenerative Disc Disease

පරිගණකය ඉදිරිපිට නිවැරදි ඉරියව්වෙන් ඉඳ නොගැනීම නිසා කොඳු ඇට පෙළෙහි පහළ කොටසෙහි ඇතිවන වේදනාව

Carpal tunnel syndrome

නිතර මවුසය ස්පර්ශ කිරීම නිසා මැණික් කටුවේ අස්ථි මෙම රෝගයට ගොදුරු වෙනවාඒ නිසා අත හිරිවැටීම පාලනය කරගන්නට නොහැකි වනවා.

Intersection Syndrome

මහපට ඇඟිල්ල සහ මැණික් කටුව නිතරම චලනය වීම හේතුකොට ගෙන කන්ඩරා වල ඇතිවන සීරීම්නිසා දැනෙන වේදනාව මෙහි රෝග ලක්ෂණයයි.

Stenosing Tenosynovitis

මවුසය නිතර ස්පර්ශ කිරීම හේතු කොටගෙන ඇඟිලිවල චලනය සම්බන්දිත කන්ඩරා සිරීම නිසා එතුළ දැවිල්ලක් සහ වේදනාවක් හට ගන්නවා.

Tennis Elbow

අතඋරහිසසම්බන්ද වන කන්ඩරා නිතරම එහා මෙහා චලනය වීම නිසා සුළු අංශභාග රෝග තත්වයක් ඇතිවීම මෙහි අවාසනාවන්ත තත්වය වෙනවා.

Cervical degenerative disc disease

පරිගණක තිරය දෙස බලාසිටිමේදී වැරදි ඉරියව්වකින් සිටීම නිසා කොඳු ඇට පෙලේ ඉහල කොටසට හා බෙල්ලේ මාංශ පේශිවලට හානි සිදුවේඑහිදී එම ඉන්ද්‍රියයන් වේදනාවට පත්වීම මෙහි ලක්ෂණයයි.

Thoracic outlets syndrome

බෙල්ලේ සිට දෙඅත් කරා ගමන් කරන රුධිර නාල සහ ස්නායු සංකෝචනය වීම නිසා අත්වල බෙල්ලේ සහ පපුවේ ඇතිවන වේදනාව මෙම රෝගයේ ලක්ෂණ වනවා.

මේ සියලු දෙයට පිළියම වන්නේ නිවැරදි ඉරියව්අවම කාලය සහ නිසි ව්‍යායාම් වනවාස්වයං කායික චිකිත්සාව මගින් සිරුරේ වේදනාවන් සමනය කිරීම වර්තමානයේ සුවිශේෂ ප්‍රතිකාර ක්‍රමයක් වී තිබෙනවා.

– චම්මි –

Related Articles

Don't Miss


Latest Articles