අව්වෙන් පරිස්සම් වෙන්න නිවැරදිව sun glasses තෝරන්නේ මෙහෙමයි

මේ දවස් වල පරිසරයේ පවතින්නේ දැඩි උණුසුම් කාලගුණයක්. අව් රශ්මියෙන් දැඩි ලෙස ආරක්ෂා වීමට අපි හැම කෙනෙක්ම සිහි තබා ගත යුතුයි. අව්වේ ගමන් බිමන් යන මේ දිනවල ඔබ අව් කන්නාඩි පැළඳීම ඉතා හොඳ දෙයක්.

ඇස් වලට හිරු එළියෙන් සිදුවන හානි අවම කර ගන්නට අව් කණ්නාඩි ඉතා වැදගත්. නමුත් නිසි ප්‍රමිතියක් නැති අව් කණ්නාඩි පැලදීම මඟින් ඔබට සිදුවන්නේ අවාසියක් මිස වාසියක් නම් නෙවෙයි .

දැන් බොහෝ විට පදික වේදිකාවල පවා අව් කණ්නාඩි විකිණීමට තිබෙනවා. ඒවාගේ ප්‍රමිතිය ඉතා බාල වන අතර ඒවාගේ කාචවලින් වලින් නිකුත් කරන කිරණ ඔබේ ඇස්වලට ඉතා හානි දායක විය හැකියි. ඒ නිසා සෑම විටකට ප්‍රමිතියක් ඇති අව් කණ්නාඩි පළදින්න අමතක කරන්න එපා. අක්ෂි වෛද්‍ය නිර්දේශය අනුව UV400 හෝ 100% UV protection ලෙස ලේබල් කරන ලද අව් කණ්නාඩි භාවිතයට සුදුසු වනවා. සමහර අව් කණ්නාඩි හිරු එළියට අල්ලා බැලූ විට ඒවායින් හිරු රැස් සාමාන්‍ය පරිදි ගමන් කරන බව ඔබ දැක් ඇති. ඒවාගෙත් ප්‍රමිතියක් ඇත්තේ නැහැ.

ඒ වගේම ඔබට හැකි නම් අව් කණ්ණාඩි මිලදී ගැනීමට ප්‍රථම අක්ෂි වෛද්‍යවරයකු ලවා ඇස් පරීක්ෂා කර ගැනීමත් හොඳ දෙයක්. එවිට ඔබට සුදුසු වර්ගයේ අව් කණ්නාඩි ගැන අදහසක් ලබා ගන්නට හැකියාව තියෙනවා.

ඒ වගේම ඔබේ මුහුණට ගැලපෙන හැඩයෙන් යුතු අව් කණ්නාඩියක් තෝරා ගැනීමත් කාන්තා ඔබේ පෙනුම වඩා ස්මාට් කරන්නට සමත් වෙනවා.

විවිධ වර්ණවලින් යූතු අව්කණ්ණාඩිත් වෙළඳ පොලේ පවතිනවා. රෝස, නිල්, දුඹූරු වැනි වර්ණ වලින් යුතු මේවාගේ පිටතින් අලංකාරය සඳහා ආවරණයක් යෙදීමයි බොහෝ විට සිදු වන්නේ. නමුත් ඒවා තුළින් හිරු කිරණ ඇසට ගලා එනවා නම් ඒවාගේ ප්‍රමිතියක් පවතින්නේ නැහැ. අලංකාරය හා පෙනුම පමණයි.

ඒ වගේම ඔබේ අව් කණ්නාඩිය හවුලේ පාවිව්චියට ගන්නට එපා. ගමනක් ගොස් පැමිණි විට එය පිරිසිදු රෙදි කෑල්ලකින් හොඳින් පිස දා පිරිසිදුව තබන්නත් සිහි තබා ගන්න.

-නිබන්ධිකා-

Related Articles

Don't Miss


Latest Articles