අවුරුද්දම රසයෙන් පුරවන කේක්

මේ කාලය ඔබට අතිශයින් කාර්‍යබහුල කාලයක් වෙමින් පවතින බව අප දන්නවා. අවුරුදු වෙනුවෙන් කඩිමුඩියේ ලක ලැහැස්ති වන ඔබට රසවත් අවුරුදු මේසයක් සකසන්නටයි මේ සහාය.

 ඉඟුරු කේක්

 අවශ්‍ය ද්‍රව්‍ය:

  •  පිටි ග්‍රැම් 250 ක්
  • සීනි ග්‍රෑම් 125ක්
  • බටර් ග්‍රැම් 100 ක්
  • කජු ග්‍රෑම් 50ක්
  • ඉඟුරු දෝසි ග්‍රැම් 100ක්
  • බිත්තර 3
  • බේකින් පවුඩර් තේ හැඳි 1
  • වැනිලා තේ හැඳි 1 ක්
  • වියලි ඉඟුරු කුඩු තේ හැඳි 1 ක්
  • ගෝල්ඩන් සිරප් මේස හැඳි 1 ක්

සාදන ක්‍රමය:

බඳුනකට බටර් සහ සීනි හොඳින්  බීට් කර ගන්න. එයට ගෝල්ඩන් සිරප් එකතුකර කලවම් කර බිත්තර එකින් එක දමමින් ගසන්න. බේකින් පවුඩර් සමග පිටි  තුන් සැරයක් හලන්න. ඉන්පසු පිටි මිශ්‍ර කර කුඩාවට කපාගත් ඉඟුරු දෝසි, ලොකුවට කපාගත් කජු, ඉඟුරු කුඩු මිශ්‍ර කර සෙන්ටිග්‍රෙඩ් 180 උෂ්ණත්වයට විනාඩි 35 ක් බේක් කරන්න.

රොක් කේක්

 අවශ්‍ය ද්‍රව්‍ය:

  • බටර් ග්‍රෑම් 250
  • සීනි ග්‍රෑම් 250
  • පිටි ග්‍රෑම් 300
  • රුලන් ග්‍රෑම් 125
  • මුද්දරම් පලම් ග්‍රෑම් 175
  • බිත්තර 2
  • බේකින් පවුඩර් මේස හැඳි 2

 සාදන ක්‍රමය:

බඳුනකට බටර් සහ සීනි දමා හොදින් බීට් කරන්න. එයට බිත්තර එකින් එක එකතු කරමින් ගසන්න. බේකින් පවුඩර් සමග පිටි හලන්න. බිත්තර මිශ්‍රනයට පිටි කලවම් කරන්න. මුද්දරම් පලම්, රුලං දමා අනන්න. මෙම මිශ්‍රනයෙන් කුඩා ගුලි සාදන්න. බටර් තවරාගත් තැටියක ගුළි එකින් එක පරතරයකට තබා අවන් එකක තබා සෙන්ටිග්‍රේඩ් 180 උෂ්ණත්වයක විනාඩි 20 ක් බේක් කරන්න.

– ඉරේෂා –

Related Articles

Don't Miss


Latest Articles