අවුරුද්දට පොල් කේක්

පොල් කේක් කියන්නේ අවුරුද්දට නැතිවම බැරි කෑමක්. ඔන්න ඉතින් අමතක නොකර රසම රස පොල් කේක් එකකින් කෑම මේසය රස කරන්නටයි අපි මේ සූදානම් වෙන්නේ…

මෙන්න මේ දේවල් අපට ඕනා වෙනවා:

  • ගා ගත් පැසුනු පොල් ගෙඩි එකහමාරක්
  • කිතුල් පැනි හෝ පොල් පැනි බෝතල් බාගයක්
  • සීනි ග්‍රෑම් 150
  • පාන් පිටි ග්‍රෑම් 200 -250
  • කජු ග්‍රෑම් 100
  • රට ඉඳි ග්‍රෑම් 100
  • පුහුල් දෝසි ග්‍රෑම් 100
  • මුද්දරම් පලම් ග්‍රෑම් 50
  • ලුනු කුඩු තේ හැඳි බාගයක්
  • වැනිලා තේ හැදි බාගයක්
  • කුලුබඩු කුඩු තේ හැඳි බාගයක් (කරඳමුන්ගු, කරාබුනැටි, සාදික්කා, වසාවාසි, ඉඟුරු පියලි, කුරුඳු පොතු සමව ගෙන කුඩුකර ගන්න.)

සාදන ක්‍රමය:

පොල් වන්ගෙඩියට දමා කොටාගන්න. පලතුරුවර්ග සියල්ලම කුඩාවට කපා ගන්න. පැනි බෝතල් බාගයෙන් තුනෙන් දෙකක් බඳුනකට දමන්න. අනෙක් කොටස පසෙකින් තබා ගන්න. පැනි බඳුන ලිප තබා හොඳින් උතුරුවාගන්න. එයට කොටාගත් පොල්, ලුනු සහ වැනිලා එකතු කරන්න.

පොල් හොඳින් තැම්බී පැනි පොල් සෑදෙන විට කුලු බඩු දමා කපාගත් පලතුරුවර්ග වලින් කජු ටිකක් ඉතිරිකර ඉතිරි ද්‍රව්‍ය එකතු කරන්න. ලිපෙන් බා එයට පාන් පිටි ටික ටික කලවම් කර පසුව තෙල් කඩදාසි එකක් කිලෝ එකක කේක් තැටියට එලන්න. එහි බටර් ගා මිශ්‍රනය දමා එය මතුපිටට ඉතිරි පැනි වත්කරන්න. කජු වලින් සරසා ගන්න.

සෙන්ටිග්‍රේඩ් 180 උශ්නත්වයේ පැයක් හෝ පැය එකයි කාලක් බේක් කරගන්න.

නෑ හිත මිතුරන්ගේ ගෙවල් වලත් ගෙනියන්න කදිමයි.

-ඉරේෂා-

Related Articles

Don't Miss


Latest Articles