පතිනියකගේ සටහන් – 10

0
795

අලුත් අවුරුදු කාලේ අත ළඟටම ඇවිත්. මමත් භානුකත් එක්ව සමරන මුල්ම අලුත් අවුරුද්ද. අලුත් කෑම වර්ගවල රෙසිපි හොයමින්, ගේ හැඩ කරන ටිප්ස් හොයමින් මම හරිම කාර්ය බහුලයි.

“නෑගම් යනකොට අරන් යන්න දේවල් හිතුවද තාරු…”

භානුක එහෙම අහන්නේ මම අලුත් රෙසිපියක් එක්ක බිසී වෙලා ඉන්න වෙලාවක. අපිට නෑයෝ ටිකක් වැඩියි. නෑදෑ පොඩිත්තොත් වැඩියි. ඉතින් තෑගි ගැනත් නොසිතාම බෑ.

“මම හෙටත් ශොපින් යැවෙනවා භානු.. බලලා ඇඳුම් ටිකක් ගන්නම්.”

භානුක හිනා වෙන්න පටන් අරන්..

“තෑගි ඕන පොඩ්ඩන්ගේ ලිස්ට් එක අතේ තියනවා මිසක්, ඔයා ඒ සමහරු දැකලාවත් තියනවද තාරු?? “

ඒකත් ඇත්ත!! භානුකගේ සමහරු ඥාති දරුවන් මම තවම දැකලත් නැහැ. අපේ අයවත් වෙඩින් එකෙන් පස්සේ දැක්කේ නැහැ..

කියවන්න :  හෙට වෙනුවෙන් අද වවන්න- නිවිති

“පොඩි උන් ඉක්මනින් ලොකු වෙනවා. ඉතින් ඔයාගෙ ඔලුවෙ තියන සයිස් එයාලට මැච් වෙයිද කවුද දන්නේ”

භානුකගේ තර්කය මොන තරම් නිවැරදි ද..

“ඔයා හැම වෙලාවකම කියන්නේ දැන් ළමයි පොත් කියවන්න කම්මැලි කියලනෙ.. බුක් ශොප් එකකට ගිහින් හොඳ පොත් ටිකක් ගන්න. මොන තරම් වටින තෑග්ගක් ද ඒක”

හිතින් හදා ගන්න මිමිවලට රෙදි කඩවල සේල් දාපු ඇඳුම් උස්සාගෙන යනවට වඩා ඒ යෝජනාව අපූරු බව මටත් හිතෙනවා.

“ගෙදරකට යනකොටත් අපි කරන්නේ පරණ කැවුම් කොකිස් ටිකක් උස්සන් යන එකනෙ.. එක්කෝ කේක් එකක්. ගෙදර දියවැඩියා කාරයොත් ඉන්නවා. ඒ තෑගි සිස්ටම් එකත් වෙනස් කරන්න අපිට පුලුවන්..”

කියවන්න :  වික්ටෝරියා බෙකම් හෙළි කරන සුව දිවියකට මග සලසන රහස්

භානුකගේ දේශනය අවසන් නැහැ.

“… කැලෑ කපනවා.. උෂ්නත්වය ඉහළ යනවා.. කියලා ෆේස්බුක් එකේ කැම්පේන් කරලා වැඩක් නෑ තාරු.. විෂ බේත් ගහපු පළතුරු දරුවන්ට දෙන්න එපා කියලත් ෆේස්බුක් ලියලා වැඩක් නෑ.. ඇයි අපිට බැරි නෑගම් යනකොට අඩු කාලෙකින් ඵල දරන පළතුරු පැලයක් දෙකක් ගෙනියන්න බැරි.. මොන තරම් ප්‍රයෝජනයක් තියෙනවද..”

මම ඒ ගැන ආයෙම හිතන්න පටන් ගත්තා.ඇත්ත!! වෙනස් විය යුතු අපි.. අලුත් දේවල් හිතන්න ඕන අලුත් පරම්පරාවේ අපි..

අලුත් සංකල්ප වලින් හරි දේවල් නිර්මාණය කරන්න පුලුවන් අපිට!!

-නිබන්ධිකා-