ඔන්ලයින් නැති අවුරුද්දක්..

ඔබේ ළඟම හිතවතා කවුද… ඔබ එක්ක වඩාත්ම ජීවිතේ බෙදා ගන්නේ කවුද?

ඔබ අතේ තියන ජංගම දුරකථනය, ටැබ් එක, ලැප්ටොප් එක වෙන්න පුලුවන්. ගෙදර අයටත් වඩා ඔබට බොහෝම සමීප ෆේස්බුක් මිතුරන් වෙන්න පුලුවන්. දවසක් ඔන්ලයින් නොයා හිදීම ඔබට මහා අසීරුතාවයක් ඇති දෙයක් වෙන්න පුලුවන්.

“මේ දවස්වල කරන්ට් කැපුවම ගෙදර අය එක්ක ඉන්නත් වෙලාව හම්බ වෙනවා”

මේ දවස්වල තරුණ පරපුර අතර ජනප්‍රියම විහිළුව මෙන්න මේක..

ඇත්තටම ඔන්ලයින් ජීවිතයක් වීම නිසා ඔබ ඔබේ පවුලෙන් දුරස් වෙමින් ඉන්න බව ඔබට හිතෙනවා නම් අලුත් අවුරුදු දින දෙකවත් ඔෆ්ලයින් ජීවිතයක් වෙන්න ඔබට පුලුවන්.

ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, ට්විටර් ආදියේ නොගැවසී ඔබේ පවුලේ අය එක්ක ඒ දින දෙක ආදරයෙන් ඉන්න.

ඒ දින ඔබට නිවාඩු ලැබෙන දිනයන්. ඔෆිස් එකට ලබා දිය යුතු ඊමේල් පණිවිඩ ආදිය එක්ක අවුරුදු දවසෙත් කාර්යබහුල නොවී දොළොස් වෙනිදාටවත් ඒවා අහවර කරන්න.

අම්මාගේ අලුත් අවුරුදු කෑම මේසය ෆේස්බුක් ලයිව් ඇවිත් පෙන්වීම හෝ එහි ඡායාරූප ගැනීම පසෙකලා ඒ මොහොත ගෙදර අය එක්ක විඳින්න.

පවුලේ අය, නෑදෑයන් එක්ක සෙල්ෆි ගැනීම අනිවාර්යය නැහැ. ඒ අය එක්ක ආදරයෙන් කතා බස් කරන්න.

ගේම් ගහ ගහ ඉන්නවට වඩා පවුලේ සාමාජිකයන් එක්ක කතාවකට එක් වීම, සරල ක්‍රීඩාවක නියැලීම සුන්දර බව ඔබට දැනෙයි.

අන්තර්ජාලය එක්ක අපි බොහොම පහසුකම් අත් විඳීම ඇත්තක්. එහෙත් ඕනෑවට වඩා අන්තර්ජාලය අපිව ආක්‍රමණය කිරීම නිසා අපි අපේ ජීවිත සංකීර්ණ කර ගැනීමත් ඇත්තක්.

සිංහල අලුත් අවුරුදු කාලය කියන්නේ ළබැඳි හිත් ආදරයෙන් සෙනෙහසින් එකතු වෙන කාලයට.

අන්න ඒ දවස් කිහිපයේ ඔන්ලයින් ජීවිතයට කොමාවක් තබන්න.

ඔබ ජීවත් වෙන බව ඔබට වැටහේවි.

ඔබට සුබ අලුත් අවුරුද්දක් වේවා!!

-නිබන්ධිකා-

Related Articles

Don't Miss


Latest Articles