කෑම මේසය මේ විදියට සකසමු

මේ ඔබ අමුත්තන් වෙනුවෙන් නිතරම කෑම මේසය සකස් කරන කාලයයි. එහිදී කෑම මේසය ක්‍රමවත්ව සැකසීම ඔබට අයත් කාර්යයක්. මේසය නිවැරදිව හා ක්‍රමවත්ව සකසා ගන්න මේ ටිප්ස් කිහිපය ඔබට වැදගත් වේවි.

  • කෑම මේසයේ හැඳි ගෑරුප්පු තබන විට ඒවා උඩු අතට හරවා තබන්න.හැන්ද සහ පිහිය දකුණු අත පැත්තෙන් ද ගෑරුප්පුව වම් පසින්ද තබන්න. වීදුරු තබන විට ඒවා පිහි වලට දකුණු පැත්තෙන් හෝ ඉහළින් තබන්න.
  • ආහාර බෙදා ගැනීමට තබන හැඳි කෑම දීසි ආසන්නයේ තැබීම අනිවාර්යය යි.
  • සෑම විටකම අත පිස්නා ලා පැහැයෙන් තෝරා ගන්න. ඒවා පිඟන් අසලින් තබා ගන්න.
  • මේස රෙද්ද හා පිඟන් වල වර්ණය ගළපා ගන්න. මේ දිනවල බහුලව භාවිතා කරන්නේ තනි සුදු වර්ණයයි.
  • කෑම මේසයකට මල් බඳුනක් තැබීම අනිවාර්යය නැහැ. කෑම බඳුන් ආවරණය වන ලෙස මල් බඳුන් තබන්න එපා.
  • අත සෝදන බඳුනක් තබනවා නම් එය ටේබල් මැට් එකක් අනිවාර්යයෙන් තැබිය යුතුයි.
  • කෑම මේසයේ පුටු අනවශ්‍ය තදබදයක් ඇති වන ලෙස තබන්න එපා
  • පිරිසිදුකම හා පිළිවෙල අත්‍යාවශ්‍ය දෙයක්. හොඳින් සේදු භාජන, හැඳි,ගෑරුප්පු, පිරිසිදු වියළි අත්පිස්නා භාවිතා කරන්න.

-නිබන්ධිකා-

Related Articles

Don't Miss


Latest Articles