අලුත් අවුරුදු කෑම මේසය 8 – ඩෙසර්ට්

කාලෙකට පසුව මුනගැසෙන ආදරණීය නෑදෑ හිත මිතුරන් වටකරගෙන හිනාවෙවී කන්න පුලුවන් රසම රස ඩෙසර්ට් එකක්..

රට ඉඳි පුඩිම

අවශ්‍ය දේවල්:

  • දුඹුරු සීනි ග්‍රෑම් 600,
  • බිත්තර 6,
  • මී පැනි ග්‍රෑම් 60,
  • නැවුම් එලකිරි මිලි ලීටර් 300
  • දියකරගත් බටර් ගෑම් 250
  • සුදු විනාකිරි ග්‍රෑම් 10
  • පාන් පිටි ග්‍රෑම් 450
  • බේකින් සෝඩා ග්‍රෑම් 14,
  • රට ඉඳි ග්‍රෑම් 15
  • වියලි පලතුරු කැබලි ග්‍රෑම් 100
  • ඉගුරුකුඩු ග්‍රෑම් 10

සාදාගන්නා ආකාරය:

පලමුවෙන්ම සීනි, බිත්තර, පැනි මිශ්‍ර කරන්න. දෙවනුවට එලකිරි, බටර්, විනාකිරි එකතුකරන්න. හොදින් කලවම් කර ඊට පසුව පාන් පිටි, බේකින් සෝඩා, රට ඉඳි, වියලි පලතුරු, ඉගුරු එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. තැටියකට දමා අන්ශක 170 උෂ්ණත්වයට බේක් කරන්න.

රට ඉඳි සෝස්

අවශ්‍ය දේවල්:

  • දුඹුරු සීනි ග්‍රෑම් 200
  • කුකින් ක්‍රීම් ග්‍රෑම් 300,
  • බටර් ග්‍රෑම් 50
  • රට ඉඳි ග්‍රෑම් 50

සාදන ආකාරය:

පලමුව සීනි කැරමල් වනතෙක් රත්කර ඉන්පසු එයට කුකින් ක්‍රීම් එක්කරන්න.පසුව මෙයට බටර් හා රට ඉඳි පැනි එකතු කරන්න.

පුඩිම මතට මෙම සෝස් අතුරා පිලිගන්වන්න.

-ඉරේෂා-

SmartLady.lk ලිපියක් ඇසුරින් අසන මෙම සරල ප්‍රශ්ණයට නිවැරදිව පිළිතුරු දීමෙන් වටිනා තෑගි දිනා ගැනීමට දැන් ඔබටත් අවස්තාව. මේ මාසයේ Cooking Recipes ඇසුරින් පැනයක් ඔබට ලැබෙනවා.


Cooking Recipes මේ ලින්ක් එකෙන් මේ මාසයේ ප්‍රශ්නයට පිළිතුරු පහසුවෙන් සොයා ගන්න පුලුවන්.


ප්‍රශ්ණය - මුරුංගා තේ සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය මොනවාද?

Related Articles

Don't Miss




Latest Articles

Easy breakfast recipes – part 2

කාර්‍යබහුල ඔබට උදෑසනට ලේසියෙන්ම හදාගන්න පුළුවන් වගේම පොඩ්ඩන්ට උනත් ආසාවෙන් කන්න පුළුවන් easy breakfast recipes ගැන තමයි මේ ලිපියෙන් ඔබට කියන්නේ

දෑවැද්ද

" අම්මා කොහෙ යන්නද ලෑස්ති වෙන්නේ ? "සුජානි කාමරේට ආවේ ටික වෙලාවක ඉඳලා රම්‍යා පේන්න හිටියේ නැති නිසා.රම්‍යා...

සැරිසරන්නී – 13

මට මතක් වූයේ චමත්කා රවීන් ගැන උනන්දුවෙන් පසු වෙනවා කියා නංගී කී කතාව ය. චමත්කා නොව ලොව ඕනෑ ම ගැහැනියක එවන් පිරිමි...

නිලැසි -21

නොසැලකිලිමත් බැල්මක් අමුත්තන්ට වෙන් වූ කොටසේ ඒ මේ අත සක්මන් කරන තරුණයා දෙස නිම්න මොහොතක් බලා සිටියේ ය.වටිනා සන්නාම සහිත ඇඳුම් ඉතා...

අනුන්ගේ තීරණ.

"ඔයා කොහොමද අනේ තාරකා අඳුනන්නේ?"භාග්‍යා එහෙම අහනකොට නිමාලි කරමින් හිටිය වැඩෙත් නවත්තලා භාග්‍යා එක්ක හිනා වුණා.තාරකා එක්ක ෆේස්බුක්...