ප්‍රධාන ආහාර වේලට පෙර සුප් එකක් පිළිගන්වමු

ඔබ නිවසට පැමිනෙන ආගන්තුකයන්ට ක්‍රමවත් සම්පූර්න ආහාර වේලක සංග්‍රහය ලබා දීමට ඔබ සිතනවා නම් ප්‍රධාන ආහාරයට පෙර  සුප් වර්ගයක් පිලිගන්වන්නත් අමතක කරන්න එපා. ඒ සදහා මේ සුප් රෙසිපි ඔබට වැදගත් වේවි…

 හොට් ඇන්ඩ් සවර් චිකන් සුප්

(මේ ප්‍රමානය දහ දෙනෙක්ට සෑහෙනවා.)

 අවශ්‍ය ද්‍රව්‍ය:

  • නැවුම් කුකුල් මස් ග්‍රෑම් 500,
  • කොටු කපාගත් බී ලූනු ස්වල්පයක්,
  • තලාගත් සුදුලූනු ස්වල්පයක්,
  • ලීක්ස් ග්‍රෑම් 50
  • ඉඟුරු ග්‍රෑම් 25,
  • අමු මිරිස් කරල් 3,
  • කොත්තමල්ලි කොල ග්‍රෑම් 10ක්,
  •  බටර් ග්‍රෑම් 50,
  • වතුර ලීටර් 2,
  • දෙහි ගෙඩියක යුශ,
  • විනාකිරි මිලි ලීටර් 25,
  • වයිට් වයින් මිලි ලීටර් 100ක්,
  • සේර කැබැල්ලක්,
  • ලුණු ග්‍රෑම් 10,
  • සීනි ග්‍රෑම් 5ක්.

 සාදන අයුරු:

කුකුලු මස් කැබැල්ල පලමුව නටන උනුවතුර භාජනයකට දමා විනාඩියක් පමණ තබා ඉවතට ගන්න. ඉන්පසු සුප් එක සාදා ගන්න බඳුන ලිප මත තබා රත්වූ පසු බටර්, කොටු කපාගත් ලොකු ලූනු, තලාගත් සුදු ලූනු, ලීක්ස්, තලාගත් ඉඟුරු, අමු මිරිස්, සේර කැබැල්ල, කුකුලු මස් සමග වතුර නොදමා රන්වන් පැහැ ආකාරයට හැඳි ගාගන්න. ඊට පසු වයිට් වයින්, වතුර සහ සීනි, ලුණු එකතුකරගන්න.දැන් වතුර දමා විනාඩි 25ක් පමණ සුප් එක හොඳින් හින්දාගත් පසු ලිපෙන් බාන්න.

විනාකිරි සහ දෙහි එකතුකරගත් පසු පෙනේර ගොට්ටකින් පෙරා ගන්න. කුකුලු මස් පලුව ගෙන සිහින්ව කැබලිවලට කපා භාජනයකට දමා ගන්න. සුප් කප්වලට ඒවා දමා පෙරාගත් සුප් ටික දමන්න. අවසානයේ කොත්තමල්ලි කොල දමා රසවිඳින්න.

ක්‍රීම් ඔෆ් ඩ්‍රම්ස්ටික් සුප්

 අවශ්‍ය ද්‍රව්‍ය;

  • ළපටි මුරුන්ගා කරල් ග්‍රෑම් 500,
  • ග්‍රෑම් 25ක පමණ මුරුoගා පොත්තක්,
  • මුරුoගා දලු ග්‍රෑම් 25,
  • කොටු කපාගත් අල ගෙඩි 2,
  • කොටු කපාගත් බී ලූනු ගෙඩි 2,
  • තලාගත් සුදු ලූනු ගෙඩි 1,
  • ලීක්ස් දන්ඩක්,
  • කෝන් පිටි ග්‍රෑම් 15,
  • වතුර ලීටර් 2,
  • උකු පොල්කිරි මිලි ලීටර් 300,
  • කහ කුඩු ග්‍රෑම් 5,
  • අමු මිරිස් කරල් 3,
  • සීනි ග්‍රෑම් 5,
  • රස අනුව ලුනු,
  • රෝස් පාන්,
  • බටර් ග්‍රෑම් 100.

 සාදාගන්නා අයුරු:

පලමුව මුරුන්ගා කරල් දෙකට පලා ගන්න. තේ හැන්දකින් මදය සූරා ගන්න. වතුර ලීටර් දෙකට කහ ස්වල්පයක් දමා මුරුන්ගා ලෙලි සියල්ලම සමග පොත්තද දමා විනාඩි 30 ක් තම්බා ගන්න. ලෙලි සහ පොත්ත ඉවත්වන සේ පෙරා ගන්න. සුප් එක සාදන බඳුනට කෝන් පිටි, දලු, සහ ලුනු හැර අනෙක් දේවල් එක්කරන්න. පොල්කිරිද එක්කරන්න. අඩිය අල්ලන්නට නොදී හැඳි ගාන්න. ගින්දර අඩුකර ඇල්වතුරෙන් දියකරගත් කෝන් පිටි දියරය හැඳි ගාමින් එකතු කරන්න. අවසානයටම දලු එක්කරන්න. එය බ්ලෙන්ඩර් කර පෙරාගන්න. කප් වලට දමා පිලිගන්වන්න. රෝස්ට් පාන් සමගද කදිමයි.

 – ඉරේෂා –

Related Articles

Don't Miss


Latest Articles