ඔබේ ගෙවත්තට එක් කරගත යුතු ඔසු පැළය – කෝමාරිකා

කෝමාරිකා වැඩි වශයෙන් වියළි කලාපයේ වැවෙන පැළෑටියක්. එහෙත් මේ පැළෑටිය කවර දේශගූණික තත්ත්වයක් යටතේ වුණත් වගා කරගැනීමේ හැකියාව තිබෙනවා. හිරු එළියට පිළිස්සී ගිය සමට කෝමාරිකා කදිම ආලේපනයක්. ඉදිමුමකට, තුවාල සඳහා සහ හිසකෙස් සත්කාරයක් ලෙසත් භාවිත කළ හැකියි. ඒ වගේම කෝමාරිකා හොඳ පවිත්‍රකාරයක්. ඔබේ සම සිනිඳු කරගන්නට මොයිස්චරයිසර් එකක් ලෙසත් කෝමාරිකා භාවිතා කරන්න පුලුවන්.

උණු දියෙන් පිළිසුණු සමට කෝමාරිකා ආලේප කිරීමෙන් සිසිලසක් දැනෙනවා. රස්නය ඇති වෙලාවට සම කසන ගතියක් දැනුණොත් ශීතකරණයේ තැබූ කෝමාරිකා කැබැල්ලක් ගෙන එහි ඇති ජෙලි කොටස ගෙන පුළුන් කැබැල්ලකින් ආලේප කිරීමෙන් සමට සුවයක් දැනෙනවා.

කෝමාරිකා වල ඖෂධීය ගුණ :

කෝමාරිකා මදයක සියයට අනූවක් පමණ ජලය අඩංගුයි. ඒ වගේම විටමින් ඒ, විටමින් සී, විටමින් විටමින් ඊ වගේම ෆෝලික් ඇසිඩ්, මිනරල් ආදිය අඩංගු වෙනවා.
කෝමාරිකා ශාකයේ මැද තියෙන ජෙලිමය කොටස රූපලාවණ්‍යයට වැදගත් වෙනවා.

නිවසේදී කෝමාරිකා රූපලාවණ්‍ය කටයුතු වලට යොදා ගන්නේ මෙහෙමයි :

  • ඔබ දැඩි හිරු එළියට නිරාවරණය වී පැමිණි විට කෝමාරිකා ජෙලි රැගෙන මුහුණේ ආලේප කර විනාඩි දහයකින් සෝදා දමන්න.
  • ඔබ පරිහරණය කරන කන්ඩිෂනර්වලට කෝමාරිකා මද සූරා දමා හිස කෙස්වල ආලේප කිරීමෙන් පසු පැය බාගයකින් පසු සෝදා දමන්න. එවිට දීප්තිමත් කෙස් කලඹක් ඔබට ලබා ගන්න පුලුවන්.
  • කෝමාරිකා මදය ගස්ලබු හා යෝගට් සමඟ මිශ්‍ර කර මුහුණේ ආලේප කර විනාඩි දහයක් පමණ තබා සෝදා හැරීමෙන් ඔබට ලප කැළැල් රහිත මුහුණක් හිමිකර ගත හැකියි.

කෝමාරිකා බඳුන් වගාවක් ලෙස ඔබට වගා කිරීමට හැකියි. අත් බෙහෙතක් ලෙසත් ඔබේ රූපලාවණ්‍ය කටයුතු සඳහාත් ඔබේ ගෙවත්තේ කෝමාරිකා වගා කරගැනීමට අමතක කරන්න එපා.

-නිබන්ධිකා-

Related Articles

Don't Miss


Latest Articles