බෙඩ් ටයිම් ස්ටෝරි – 3

නින්දට පෙර කතාවක් අහන්න ආසාවෙන් ඉන්න ඔබේ පුංචි පැටියට කියන්න තවත් අලුත් කතාවක් එක්කයි අප නැවත එන්නේඔබ මේ කතාව කියවා රාත්‍රියේදී පැටියට කියල දීම පමණයි කල යුත්තේඒ වගේම ඉතාමත්ම සුන්දර මොහොතක් මේ කතා නිසා ඔබ වටා නිර්මාණය වෙයිඒ විතරක්ම නෙවෙයිරෑ අහපු කතාව මතකයෙන් කියන්නට පැටියව කැමති කරව ගන්නත් ඔබට හැකිවේවිඒ විතරක්ද ඇයි ඔබ ඔහුට හෝ ඇයට ඉන් චිත්‍රයක් අඳින්න කියන්නේ නැත්තේ ?

ඔන්න එකමත් එක කාලෙක කැලේ හිටියා හා පැන්චියක්එයා ඉන්න කැලය තිබුණේ කුඩා ගමක් අසලඉතින් මේ හා පැන්චිගේ ආසම කෑම වුණේ කැරට්එයා හැමදාම කැරට් පාත්තිවලින් කැරට් ගලවලා අරගෙන ගියාඒත් ටික දවසකින් එයාට කැරට් එකම විදියට කාලා එපා වුණාලඟපාත ගමක් තිබුණ නිසා එයා දන්නවා ගමේ මිනිස්සු නම් එක එක විදියට කැරට් හදලා කනවා කියලඉතින් එයා හිතුවා ගම ගෙදරට ගිහින් කැරට් උයන හැටි ගම හාමිනේගෙන් ඉගෙන ගන්න .

ඔන්න ඉතින් හා පැංචි හෙමින් සීරුවේ ගියා ගම ගෙදරටඒ දවල් වෙලාවක්ගම හාමිනේ ඒ වෙලාවෙත් කැරට් සුද්ද කරනවා උයන්නහා පැංචි ගම හාමිනේට කතා කළා විතරයි හාමිනේ ළඟ හිටිය දඩෝරියා කලබල වුණා.එයා බුරාගෙන එලියට දුවගෙන ආවා.ඉතින් මොන කතාද ?හා පැංචි හයියෙන් දුවල ගිහින් යාන්තම් බේරුණාඒ දුවන අතරේ එයා හිතුවා එයාලගේ පරපුරේ හාවෙක් ඉබ්බා එක්ක දුවලා පැරදුණු කථාවනම් අලිම බොරුවක් කියලා .

ඉතින් දැන් මොකද කරන්නේ…එයා සෑහෙන්න කල්පනා කළාඑයාට හොඳ අදහසක් ආවාඑයා කැරට් හොඳට පිරිසුදු කරලා අව්වේ රත් කළාඒත් වෙනසක් නැහැපරණ රසමයිඑයා ගමේ ගිනි ගොඩකට කැරට් දාලා බැලුවාතිත්තම තිත්ත රසයි .

ඒත් හා පැංචි නම් ලේසියෙන් පරාජය වන කෙනෙක් නෙවේඑයා පසුබට වුණේ නැහැඑයා හැම අස්සක් මුල්ලකම ඇවිදලා පරණ වළඳක් සොයාගත්තාගම ගෙවල් වල වගේ ගල් තුනක ලිපකුත් හදා ගත්තාහට්ටියට වතුර දාලා කැරට් ලිපෙන් තිබ්බා.

ම්ම්ම්ම්ම්ම්ම්ම් ……..ඔය තියෙන්නේ ….

ඉතින් කැරට් උයලා ඉවර වෙලා එයා කෑම මේසය පිළියෙළ කලාඑයා තනියම රස බැලුවේ නැහැඒක ඇත්තටම පුංචි සාදයක්අලි පුංචාලේන් පුංචාමුව පැංචිගිරා හාමිනේවඳුරු රාළඉබි නයිදේ වගේ යාලුවෝ ගොඩක් ආවාහැමෝම පුදුම වෙමින් රසම රසට කැරට් කෑවා.

ඉතින් සමහරවිට හා පැංචි තව තව කෑම ජාති යාලුවන්ට හඳුන්වා දෙන්න පුළුවනි.

බෙඩ් ටයිම් ස්ටෝරි එකට අමතරව පසුදා ඔබේ පුංචි කතා අසන්නාට දෙන්න පුළුවන් ක්‍රියාකාරකම් රැසක්ම මේ කතාවේ තිබෙනවා .චිත්‍ර ,කතාවට නමක් පමණක් නෙවේ හා පැංචි ගේ කෑම වට්ටෝරුව ඇසුරෙන් කෑම හදන්නත් අවස්තාවක් පුංචි පැටියාට දෙන්න .අමතක කරන්න එපා හැම රැයකටම කතාවක්හැම රැයක්ම සොඳුරු රැයක්!

– චම්මි –

Related Articles

Don't Miss


Latest Articles