මේ දවස්වල පැතිරෙන උණ වෛරසයට ඔබේ පොඩිත්තාත් බිලි වුණාද?

ආයෙමත් වැහි කාලය.විවිධ වෛරස් සහ රෝග පැතිරෙන්න පටන් අරන්. බොහෝ වෙලාවට මේ තත්ව වලට ලක් වෙන්නේ කුඩා දරුවන්. උණ වෛරසයට ලක් වූ ඔබේ දරුවාව නිවසේදී රැක බලා ගන්නා ආකාරයයි මේ ලිපියෙන් ඔබට පැහැදිලි කරන්නේ.

ඔබ ළමා රෝග වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ලබා ගන්නා විට මේ දේවල් ගැන ඔහුගෙන් විමසා අනුමැතිය ගන්නත් අමතක කරන්න එපා.

ජෛව තාක්ෂණවේදය පිළිබඳ ජාතික මධ්‍යස්ථානය (NCBI) සොයා ගත් කාරණාවක් තමයි මේ.

තෙත් ස්පොන්ජ් එකකින් හෝ රෙදි කැබැල්ලකින් දරුවාගේ පාද තැවීමෙන්, උණ අඩු කර ගන්නට පුලුවන්.

තවත් ක්‍රමයක් වන්නේ ඇල්මැරුණු වතුර වල පොඟවා ගත් රෙදි කැබැල්ලකින් ඔබේ දරුවාගේ කකුල් තවන්න. මෙයට බේකින් සෝඩා සහ එප්සම් ලවණත් එකතු කිරීමෙන් ඇඟේ ඇති වන වේදනා දුරු කරන්නට හැකියාව පවතිනවා.

වතුරෙන් පෙඟවූ මේස් හොඳින් මිරිකා දරුවාගේ පාද මත තබන්න. ඉන්පසු ඒ මත ඝන වූල් මේස් එකක් තබන්න. මෙයත් විදෙස් වෛද්‍යවරුන් අනුමත කරන ක්‍රමයක්.

ලැවැන්ඩර් ඔයිල්  දරුවගේ සිරුරේ  ආලේපයෙන් උණ සමඟ ඇති වෙන කෝලික් තත්වය තුරන් කිරීමට වැදගත්.

බොස්ටන්හි ළමා රෝහලේ ළමා රෝගී විශේෂඥ වෛද්‍ය  කතී කිම්පර්ට අනුව දරුවා අවුරුදු හතරට වැඩි නම් උණ අපහසුතා සඳහා හර්බල් ටී වර්ගත් ඉතාම සුදුසුයි.

ඉඟුරු සහ මී පැණි තේ, උණුසුම් හෝ සිසිල් කර බීමට දීමත් සුදුසුයි. ඒත් උණ ඉතා අධික දරුවන්ට ඉඟුරු සුදුසු නෑ. අවුරුද්දට අඩු දරුවන්ට මී පැණි සුදුසු වන්නේත් නෑ.

ඒ වගේම කුඩා දරුවන්ට ඇස්ප්‍රීන් ලබා දෙන්නත් එපා.

ඒ වගේම දරුවා සුවපහසු ලෙස තබා ගන්න.ඩයිපර් මාරු කිරීම ක්‍රමවත්ව සිදු කරන්න. දරුවාට පහසු ඉරියව් වලින් ඇඳේ හාන්සි කරවන්න. නිතරම දරුවා අසල රැඳෙමින් ගී ගයන්න. කතන්දර කියන්න. දරුවාව මානසිකව ශක්තිමත් කිරීමත් ඉතා වැදගත්.

– නිබන්ධිකා –

Related Articles

Don't Miss


Latest Articles