අශ්වයකුගේ ශක්තිය සහ ජවය අපට දෙන කොල්ලු

අප සිරුර පවත්වාගෙන යාමේදී අවශ්‍ය වන ශක්තිය සහ ජවය අපට ලබා දෙන්නේ පෝෂ්‍යදායක ආහාර වලින්. කොල්ලු ඒ අතර පෙරමුණේම රැඳෙන ආහාරයක්. ඉතින් ඉතා පහසුවෙන් ලබාගත හැකි කොල්ලු ගැන අපි ටිකක් හොයල බලමු. බොහො දෙනෙක් හිතන්නෙ කොල්ලු කියන්නෙ අශ්වයන්ට පමණක් දෙන ආහාරයක් කියලා.

මොනවද මේ කොල්ලු ?

  • කොල්ලු කියන්නෙ මුං ඇට,කව්පි වැනි වියළි ධාන්‍ය වර්ගයක්.
  • ලoකාවේ වගා කලහැකි වුවත් මෙහි වගා කරන්නේ ඉතාමත්ම සුලු වශයෙන්.
  • දියවැඩියාව, තරබාරුව, අර්ශස්, සන්ධි රෝග, මල බද්ධය, පිළිකා මෙන්ම ආසාදන වලටද ඉතාමත්ම ගුණ දායක ආහාරයක්.
  • ප්‍රෝටීන් බහුල ආහාරයක්. ඒ නිසා සිරුරේ මාoශපේශීන් වර්ධනය වන අතර සිරුරේ ගෙවී යන කොටස් අලුත්වැඩියා කිරීම පහසු කරයි.
  • වයසට යාමත් සමගම අස්ථි හා සන්ධි ආශ්‍රිතව ඇතිවන ගෙවීයාම නවතා දමයි. තවද ඒ නිසා ඇතිවන වේදනා, හිරි වැටීම්, ද සුවකර දෙනවා.
  • කැල්සියම් සහ පොස්පරස්, යකඩ, මැග්නීසියම්, ඛනිජ ලවන  යහමින් ඇති නිසා දත් සහ අස්ථි වල පැවැත්මට හිතකරයි. රුධිරය නිපදවීමටත් උපකාර වෙනවා. හදවතට ද සුවිශේෂී ආරක්ශාවක් ලබා දෙයි.
  • මෙහි පෝෂණ කොටස් බහුල වන අතර ජීර්ණ තන්තු වලින්ද පොහොසත්. රුධිරයට සීනි මිශ්‍ර වීම පාලනය කරන නිසා දියවැඩියාව රෝගීන්ට ඉතාමත්ම ගුණදායකයි.
  • බඩවැල් ආශ්‍රිතව ඇතිවන පණු රෝග නැසීමටද හැකියාවක් සහිතයි. කොල්ලු තැම්බූ වතුර එම නිසා ළමුන්ට පානය කිරීමට දීමෙන් පණු බෙහෙත් දිය යුතු වන්නේ නැහැ.

කොල්ලු ආහාරය සකස් කරගන්නා ආකාරය

  • කොල්ලු ඇට තරමක් තද ගතියෙන් යුතු නිසා රැයක් පුරා පොඟවා ගැනීම අවශ්‍යයි. ඒ ආකාරයෙන් පොඟවා ගෙන වතුර දමා තම්බා ගන්න. පොල් සහ ලුණු මිරිස් සමග හෝ කඩල ලෙස තෙම්පරාදු කර හෝ ආහාරයට ගන්නට පුලුවනි.  
  • කොල්ලු කබලේ බැද කුඩුකර, පෙරුම්කායම් සමග තම්බා ආහාරයට ගත හැකියි.
  • කබලේ බැද,අඹරා හෝ කැබලිකර තරමක් පෙඟෙන්නට දමා ව්‍යoජනයක් ලෙසද පිස ගත හැකියි.
  • කබලේ බැද, පොඟවා, අඹරා සීනි සහ පොල්, ලුණු, මිශ්‍ර කර තේ පානය ට සුදුසු කැවිලි වර්ගයක් ලෙස සකසා ගන්නටත් පුලුවන්.
  • හොඳින් පොඟවා, තම්බා පොඩිකරගත් කොල්ලු, බ්ලෙන්ඩර් කරගෙන සාමාන්‍ය හොද්දක් හදන ආකාරයට සාදා ගන්නත් පුලුවන්. බත්, රොටී, පිට්ටු ආදී ඕනෑම ආහාරයකට සුදුසුයි.
  • සුදුලූනු මිශ්‍ර කර තම්බා පානය කිරීමෙන් පාදවල ඉදිමුම, සන්ධි කැක්කුම් ආදිය සුව වනවා.
  • ආයුර්වේදයට අනුව කොල්ලු ඌෂ්ණ ආහාරයක් නිසා ප්‍රමාණය ඉක්මවා ආහාරයට ගැනීම සුදුසු වන්නේ නැහැ.

– චම්මි –

Related Articles

Don't Miss


Latest Articles