ඇමරිකන් පෑන් කේක් හදන හැටි දන්නවාද?

සාමාන්‍යයෙන් අපි පෑන් කේක් කියලා හඳුන්වන කැවිලි වර්ගයට සිංහල ජන සමාජයේ දෙන නම වෙල්ලවැහුම්. ඇත්තටම ඒ වෙල්ලවැහුම් තමයි. පෑන් කේක් විදෙස් ආහාරයක්. කුඩා දරුවන්ගේ උදේ ආහාරයට ඉතාම සුදුසු ඇමරිකන් පෑන් කේක් හදන විදිය තමයි මේ.

චොකලට් සෝස් මිශ්‍ර ඇමරිකන් පෑන් කේක් ..

අවශ්‍ය දේවල් :

  • පාන් පිටි අවශ්‍ය තරමට
  • බිත්තර 2
  • සීනි මේස හැඳි 2
  • ලුණු ස්වල්පයක්
  • දිය කළ බටර්
  • බේකින් පවුඩර් තේහැදි 1/2
  • බේකින් සෝඩා තේහැදි 1/2
  • ෆ්‍රෙෂ් මිල්ක් කෝප්ප බාගයක්
  • වතුර අවශ්‍ය පමණට
  • චොක්ලට් සෝස්.

කිරි ,බිත්තර ,දිය කර ගත් බටර් ,සීනි, ලුණු, බේකින් පවුඩර් සහ බේකින් සෝදා හොඳින් බ්ලෙන්ඩර් කර ගන්න. එයට පාන්පිටි එක්කර නැවත බ්ලෙන්ඩර් කරන්න.විනාඩි විස්සක් පමණ මෙම උකු පිටි මිශ්‍රණය වසා තබන්න.

පෑන් එකක් ගෙන එහි හොඳින් බටර් තවරා සාමාන්‍ය ගින්දරේ තබන්න. පෑන් එක රත් වෙන විට මිශ්‍රණයෙන් හැන්දක් එක් කර රවුමට දමා තුනී කරන්න. දෙපැත්තම දුඹුරු පැහැ වන තුරු පුළුස්සා ගන්න..

ලිපෙන් බා චොකලට් සෝස් වක්කර ගන්න. සීනි සිරප්, ජෑම් වැනි ඕනෑම දෙයක් සමඟ මේ පෑන් කේක් කදිමයි.

-නිබන්ධිකා-

Related Articles

Don't Miss


Latest Articles