ලස්සන වෙන්න සැෆ්‍රන් ඕනෑම ද?

ලස්සනට ඉන්න ආසා කරන බොහෝ යුවතියන් මේ දිනවල සැෆ්‍රන් කෙරෙහි නැඹුරු වෙමින් පවතිනවා. සැෆ්‍රන් සිරුරට අහිතකර බව වගේම සැෆ්‍රන් වලින් ඉතා ඉක්මනින් පැහැපත් සමක් ලබා ගන්නට පුලුවන් බවට විවිධ මත පැතිරෙන බව ඔබත් දැක ඇති.

ඉතින් සැෆ්‍රන් ඇත්තටම අපිට අවශ්‍ය ද?

සැෆ්‍රන් ලෙස හඳුන්වන්නේ මලකින් ලබා ගන්නල්නා කුළුබඩු විශේෂයක්. Crocus Stivus නමින් විද්‍යාත්මකව හැඳින්වෙන මලේ රේණු අපි සැෆ්‍රන් ලෙස හඳුන්වනු ලබනවා. බොහෝ විට මේ මල හඳුන්වන්නේ Saffron Crocus නමින්.

දැනට ලෝකයේ ඇති මිල අධිකම කුළුබඩු විශේෂය වන්නේ සැෆ්‍රන්.
ඉන්දියාව, ඉරානය තූර්කිය වැනි රටවල වගා කෙරෙන සැෆ්‍රන් කල් ඉකුත් නොවී වසර කිහිපයක්ම තබා ගන්නට හැකියාව තිබෙනවා.

සැෆ්‍රන් වලින් අපිට ලැබෙන්නේ මොනවාද?

• කුරුලෑ ඉවත් කිරීමට සැෆ්‍රන් ඉතා සුදුසුයි. දීප්තිමත් හා පැහැපත් සමක් සැෆ්‍රන් භාවිතයෙන් ඔබට ලැබෙනවා. නමුත් සැෆ්‍රන් ඔබේ හම සුදු කරන්නේ නැති බවත් හමේ ස්වභාවික වර්ණය දීප්තිමත් කරන්නට පමණක් උදව් දෙන බවත් සිහි තබා ගන්න. සම රැළි වැටීම වැළක්වීමටත් සැෆ්‍රන් ඉතා සුදුසුයි.
• ඇස් පෙනීම දියුණු කරයි.
• හොඳ මතක ශක්තියක් ලබා දෙනවා
• නිරෝගී කෙස් කළඹක් ලබා දෙනවා.
• ආතරයිටිස් , කොලෙස්ටරෝල් ,හෘද රෝග වලට එරෙහිව ක්‍රියා කරනවා. පිළිකා සෛල වල වැඩීමට එරෙහිව සටන් කිරීමේ  හැකියාවක්ද සැෆ්‍රන් සතුයි.
• සුව නින්දක් ලබා ගැනීමටත් සැෆ්‍රන් භාවිතයෙන් උදව් ලැබෙනවා.

හොඳ තත්වයේ සැෆ්‍රන් හඳුනා ගන්නා ආකාරය.

සැෆ්‍රන් රේණු වලට ජලය එකතු කරන්න. සැෆ්‍රන් ජලය මත පා වෙමින් පවතිනවා.ක්‍රමයෙන් සැෆ්‍රන් රේණු වටා ජලය  ලා කහ පැහැයට හැරී මිනිත්තු දහයක් විස්සක් තුළ ජලය මුළුමනින්ම  කහ පැහැයට හැරෙනවා.

සැෆ්‍රන් භාවිතා කළ හැකි ආකාර.

• එළ කිරි සමඟ මිශ්‍ර කර පානය කිරීම ජනප්‍රියම ක්‍රමයයි. සාදා ගත් කිරි බඳුනට සැෆ්‍රන් රේණු එකතු කර පැය බාගයකට පමණ පසු බීමට ගන්න. උදෑසන හා රාත්‍රී නින්දට පෙර බීම වැදගත්.
• සැෆ්‍රන්  කෑම රුචිය වඩවන්නක්. උදෑසන සැෆ්‍රන් බීමට ගැනීම ඔබට දවස පුරා කෑම රුචිය ඇති කරාවි. සිරුරේ මහත හා බර වැඩි කර ගන්නට අවශ්‍ය නම් උදෑසන කිරි සමඟ සැෆ්‍රන් භාවිතා කරන්න.
• ඔබේ  බොඩි ලෝෂන් එකට ක්‍රීම් එකට සැෆ්‍රන් එකතු කර ආලේප කිරීමත් සම පැහැපත් වීමට බලපානවා. කිරි හෝ යෝගට් සමඟ මිශ්‍ර කර ආලේපයත් හොඳ දෙයක්.

ඔබ ගර්භනී මවක් නම් දරුවා සුදු වෙන්නට කියමින් සැෆ්‍රන් බීම ආරම්භ කරන්න එපා. සැෆ්‍රන් ඉතා උෂ්නාධික දෙයක්. කළලයේ සිටින  දරුවෙකු සුදු වීමට විශේෂ යමක් එමඟින් සිදු වන්නේ නැහැ. සැෆ්‍රන් බීමේ පුරුද්දක් ඔබට තිබුණා නම් තව දුරටත් පානය ගැන වෛද්‍ය උපදෙස් ගන්නට අමතක කරන්න එපා.

-නිබන්ධිකා-

Related Articles

Don't Miss


Latest Articles