තයිරොයිඩ් ග්‍රන්ථිය ලෙඩ වුනොත්?

0
997

අද කාලේ බහුලව ඇසෙන රෝගයක් තමා තයිරොක්සීන් ඌනතාවය කියන්නෙ. මෙම රෝගයට ගොදුරුවන පිරිසෙන් වැඩි දෙනෙක් වැඩි පිරිසක් කාන්තාවන්. තයිරොයිඩ් ග්‍රන්ථිය කියල හඳුන්වන්නේ සමනලයෙකුගේ හැඩය ඇති කුඩා ග්‍රන්ථියක්. එය පිහිටලා තිබෙන්නේ ශ්වාසනාලය ආශ්‍රිතව.

තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය මොළයේ පිහිටි පිටියුටරි ග්‍රන්ථියෙන් ශ්‍රාවය වන TSH හෝමෝනය මගින් ක්‍රියාත්මක වනවා.මෙම TSH හි ක්‍රියාකාරී තත්වයට T3 සහ T4 හෝමෝනයන්හි බලපෑම ඍජු ලෙසින්ම සම්බන්ධයි. රුධිර පරීක්ෂණයකදී මෙම හෝමෝන මට්ටම පරීක්ෂා කිරීම සිදුවන්නේ ඒ නිසයි. අපේ වර්ධනයට සහ ආහාර පරිවුර්තික ක්‍රියාවලිය ට තයිරොයිඩ් ග්‍රන්ථියේ නිසි ක්‍රියාකාරිත්වය ඉතාමත්ම වැදගත්. තයිරොයිඩ් ග්‍රන්ථියේ අඩු ක්‍රියාකාරිත්වය hypothyroidism යනුවෙන්ද අධි ක්‍රියාකාරිත්වය hyperthyroidism හැඳින්වෙනවා.

අධි ක්‍රියාකාරිත්වය නිසා ඇතිවන රෝග ලක්ෂණ

  • නිතර දහදිය දැමීම.
  • හිතේ නොසන්සුන්තාවය
  • පපුවේ ගැස්ම
  • සිරුරේ බර අඩුවීම
  • කෙට්ටු වීම.
  • අප්‍රාණිකත්වය
  • අධික රස්නය සහ රස්නය දරා ගැනීමේ අපහසුතාවය
  • හිස කෙස් හැලීම
  • නිය පොතු මෘදුවීම
  • කාන්තාවන්ගේ ඔසප් චක්‍රය කෙටි වීම සහ රුධිර වහනය අඩු වීම.
  • ඇස් රතු පැහැ වීම.
  • වියළි බව
  • ඉදිමුම සහ ඇස් ඉදිරියට නෙරා ඒම.

තයිරොයිඩ් ග්‍රන්ථියේ සංකූලතා නොසලකා හැර සිටීම නිසා මීට අමතරව මද සරු බව, හර්ද රෝග ආශ්‍රිත සංකූලතාවයන් වගේම වකුගඩු රෝගාබාධ තත්වයන්ටත් හේතු වෙන්න පුලුවනි. එම නිසා ඉහත රෝග ලක්ෂණයක් හෝ කිහිපයක් පෙන්වනවා නම් පළමුව සිදුකළ යුතු වන්නේ තයිරොයිඩ් පරීක්ශාවක් වනවා. ඒ වගේම සුදුසුකම් ලත් පළපුරුදු වෛද්‍යවරයෙකුගේ සේවය ඉක්මනින්ම ලබා ගැනීමත් කළ යුතුම වනවා. මේ සඳහා ඖෂධ ප්‍රතිකාර ලබා දුන්නත් බෙහෙත් නැවැත්වීමෙන් පසු නැවත රෝගය ඇති වෙන්නට හැකියාව තිබෙනවා. ඒ වගේම විකිරණශීලී අයඩීන් ප්‍රතිකාර මගින් මෙම ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය අඩු කරනවා. තයිරොයිඩ් ග්‍රන්ථියේ ඉදිමීම ගලගන්ඩය ලෙසින් හඳුන්වනවා. එය ඇතිවුවහොත් ශල්‍යකර්මයක් මගින් ඉවත් කිරීමට සිදුවෙනවා.

– චම්මි –

Smart Relationship

සැමියාගේ ආදරය නොලැබීම නිසා වේදනාවට පත් බිරිඳක්.

Smart Relationship

සැමියාගේ ආදරය අඩු වූ නිසා අනියම් සබඳතාවයක් අරඹා ගැටලුවකට මැදිවූ බිරිඳ.

Smart Cooking

පාන්, ඉඳි ආප්ප කන්න වෙනස් රසකට බිත්තර කරි හදමු.

Lifestyle

බෙල්ල පිටුපස කුදු ස්වභාවය හෙවත් back neck hump නැති කරන ව්‍යායාම.

Film

කාන්තාවක් කියන්නේ නිවසේ මෙහෙකාරිය නෙවෙයි – The Great Indian Kitchen

Lifestyle

කොයිතරම් ඩයට් කරලත් බර අඩු වෙන්නෙ නැත්තේ මේ හේතු නිසයි

Smart Relationship

පුතාගේ ලිංගික ජීවිතයට පවා බාධා කල මවගේ අධික ආදරය හා බැඳීම.

Health

එල්ලා නොවැටුණු තරුණ පෙනුමැති මුහුණක් ලබා දෙන Face yoga exercises.

Lifestyle

ඇත්තටම බර අඩු වෙන්නේ දිවීමෙන් ද ඇවිදීමෙන් ද?