කුරුලෑ සහ කැළැල් නැති සමක්

කුරුලෑ කියන්නෙ බොහෝ දෙනෙකුට කොතරම් ගැටලුවක්ද කියලා අමුතුවෙන් කිවයුතු නැහැ. කුරුලෑ එන්නෙ මුහුණෙ විතරක් නෙවෙයි. සමේ තෙල් ගතිය වැඩි ඕනෑමතැනක කුරුලෑ හටගැනීමේ අවධානමක් තිබෙනවා. එහි ප්‍රතිඵලය වන්නේ ලප කැළැලින් පිරුණු අසුන්දර සමක් බව අමුතුවෙන් කිවයුතු නැහැ. එවැනි අපහසුකම් වලින්පීඩා විඳින ඔබට කලහැකි සත්කාර විධික්‍රම පිලිබඳවයි මේ ලිපියෙන් අප කතාකරන්නෙ.

මුලින්ම කරන්න ඕන දේ තමා සම පිරිසුදුව තබා ගැනීම.

සබන් නැතිව සමට ගැලපෙන වර්ගයේ සේදුම් ද්‍රව්‍යක් තෝරා ගන්න අවශ්‍යයි. ඒ වගේම තමන් භාවිතා කරන තුවා, ඇතිරිලි, ඇඳුම් ආදිය පිරිසුදුව තබා ගැනීම හරිම වැදගත්.

නිවසේදී කළ හැකි ප්‍රතිකාර

  • බේකින් සෝඩා මේස හැඳි හතරකට,වතුර ස්වල්පයක් එක්කර ආසාදනය වූ ස්ථානවල ගල්වා මිනිත්තු කිහිපයකට පසු සෝදා ඉවත් කරන්න. මෙමගින් සමේ මැරුණුසෛල ඉවත්වීම සහ ph අගය යථා තත්ත්වයට පත්වෙනවා.
  • ලෙමන් යුෂ ස්වල්පයක් ගෙන කුරුලෑ ආසාදිත තැන්වල ආලේප කරන්න.මිනිත්තු 20 ක් පමණ තබා සීතල වතුරින් සෝදා හරින්න.ලෙමන්වල ඇති සිට්‍රික් ඇසිඩ් ඉතාඅධික ක්‍රියාකාරිත්වයකින් රෝම කූප පිරිසුදු කරනවා.
  • පිරිසුදු මී පැණි ස්වල්පයක් ගෙන ආසාදිත තැන්වල ගල්වා මිනිත්තු 20 ක් පමණ තබා සෝදා හරින්න.මෙමගින් කුරුලෑ නිසා ඇතිවන ඉදිමුම අඩුවී බැක්ටීරියාසම්පූර්ණයෙන්ම ඉවත් වී යථා තත්වයට පත්වෙනවා.
  • කෝමාරිකා මදය ගෙන හොඳින් පොඩි කර ආසාදිත ප්‍රදේශවල ආලේප කර,විනාඩි 30කට හෝ 45කට පසු සෝදා දමන්න.මෙය සමට ප්‍රති ඔක්සිකාරකයක් ලෙසවැදගත් වන අතර දවසට දෙවරක් ආලේප කරන්න.
  • කොහොඹ කොල සෝදා වියලාගන්න.අනතුරුව කහ සමග අඹරා ආසාදිත පෙදෙස් වල ගල්වා මිනිත්තු 35කට පසුව සෝදාහරින්න.මෙම සත්කාරය දිනපතා සති 3 ක්පමණ එක දිගට කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල අත්කරගන්නට පුලුවනි.
  • කැකුලු හාල් පොඟවා වැලි ආකාරයට කොටා ගෙන තලපයක් ලෙස සකස් කරගන්න.සතියකට තුන් වතාවක් පමණ මිනිත්තු 5ත් 10 ත් අතර ප්‍රමාණයක් මෙය කුරුලෑඅසාදිත තැන්වල ගල්වා පිරිමැදීමෙන් කුරුලෑ ඉවත්කරගන්න පුලුවනි.අනතුරුව සුදු හඳුන් පැක් එකක් දමා මිනිත්තු 20ක් පමණ තබා සෝදාහරින්න.
  • අයිස් කැටයක් ගෙන කපු ලේන්සුවකින් ආවරණය කරන්න.විනාඩි 10 ක් පමණ ආසාදිත තැන තවන්න.මෙය සම්පූර්ණ මුහුණටම සිදුකිරීමෙන් කුරුලෑ ඒම අවමකරගන්නට පුලුවන්. ඒ වගේම කෝමාරිකා,කොහොඹ සහ කස්තුරි කහ වැනි සත්කාර අයිස් කැට ලෙස සාදාගෙන් මුහුණ සම්බාහනය කිරීමෙන් කුරුලෑ අවම කරගන්නපුලුවන්.

– ඉරේෂා –

Related Articles

Don't Miss


Latest Articles