පතිනියකගේ සටහන් – 16

0
2725

මම හිඳින්නේ සිහිනයක ද නැත්නම් සැබෑ ලෝකයේද කියලා මම ආයෙමත් කල්පනා කළා. මීට වසර විසි ගණනකට එපිටදී මේ සිහිනයේ අතරමං වුණු මගේ අම්මාත් හුන් තැනම මමත් නැවතිලා. සමහර විට මහාමායා දේවියටත් සුදුඇත් පැටවාගේ සිහිනයෙන් පසුව දැනෙන්න ඇත්තේ මේ හැඟීම මයි.

ජීවිතයේ ලස්සනම දවස් බොහොමයක් තිබු බව මට මතකයි. පුංචි කාලේ බොහෝ මතක සටහන්, එක සීතල උදෑසනක අම්මා සමන් මල් පිරුණු සීතල වතුර කළයකින් මාව නැහැවූ දවස, සරසවි වරම් ලැබූ දවස, බොහෝ අගය කිරීම් ගණන් ඉස්සිලි වලට පස්සේ භානුකගේ ලෝකයේ නවතින්න තීරණය කළ දවස, මනාලියක් වූ දවස, පතිනියක් ලෙස ජීවිතය ඇරඹු දවස..

කියවන්න :  දිරිදෙන කතාවක්...

ඒ හැම දවසකටම වඩා අද තමයි ලස්සනම..

මම අම්මා කෙනෙක් වෙන්න යනවා!!

ගැහැණියකට මීට වඩා සුන්දර ආරංචියක් ලබන්න පුලුවන් ද?

ඒ ගැන තහවුරු කරගත් මොහොතේ භානුක මාව වැළඳගත් තරම් ආදරයකින් මීට පෙර කිසිම දවසක ඔහු මාව වැලඳ නොගත් බව මට හිතෙනවා.

අපි පරිණත වෙලා.ප්‍රේමයෙන් සහ ජීවිතයෙන් පරිණත් වෙලා.

කියවන්න :  ආභරණ වල ඔපය හැමදාටම එක වගේ තියාගන්නෙ මෙහෙමයි

දැන් ජීවිතය බොහොම බර බවත් ප්‍රවේසම් සහ ඉවසීම් සහගතව ජීවිතය දරා ගත යුතු බවත් මම දන්නවා.

මේ මිහිරිතම මල් පිපෙන කාලය. භානුකත් මමත් ඒ වසන්තය ආදරයෙන් පිළි ගත්තා.

“අපි ජීවිතේ පටන් ගත්තේ අද තාරු.මේ දැන්”

භානුක කියන්නේ පුදුමාකාර ආදරයකින්.

තව මාස නවයකින් අපේ තුරුලට එන පුංචි අමුත්තා සෙනෙහසින් පිළි ගන්න අපි සූදානම්.

ජීවිතේ දවසින් දවස අලුත් වේවි. ඒ හැමදෙයක්ම මාව තවත් පරිණත සහ ආදරණීය කරන බව මට විශ්වාසයි.

-නිබන්ධිකා-