වැලමිට හා දනහිස් අඳුරු පැහැ වීම වළක්වා ගන්න නිවසේ දී මේ දේවල් කරන්න

පොල්තෙල් භාවිතා කිරීම

පොල්තෙල් මේස හැන්දක් හා වොල්නට් කුඩු මේස හැන්දක් ගෙන ඝන තලපයක් සාදා වැලමිට සහ දණහිසේ සතියට තුන් වරක් ආලේප කරන්න.

කෝමාරිකා යුෂ ආලේපය

කෝමාරිකා යුෂ අවපැහැයට හැරුණු ස්ථාන මත ගල්වා විනාඩි 15ක් හෝ 20ක් තිබෙන්නට හැර සෝදා හරින්න. කෝමාරිකා UV කිරණින් ඔබේ සම ආරක්ෂා කර දේ. මෙය රාත්‍රී සත්කාරයක් ලෙස සිදු කරන්න.

ඔලිව් ඔයිල් භාවිතා කිරීම.

ඔලිව් ඔයිල් තේ හැඳි දෙකක් ගෙන එයට සීනි ස්වල්පයක් එක් කොට හොඳින් කලවම් කර අවපැහැ වූ දනහිස් වල හා වැලමිටෙහි හොඳින් ගල්වන්න. මෙය දෛනිකව සිදු කරන්න.

දෙහි ලෙල්ල ආලේප කිරීම

දෙහි ලෙල්ලක් අවපැහැ වූ ස්ථාන වල හොඳින් අතුල්ලන්න. සම්පුර්ණයෙන්ම වේලුණු පසුව සෝදා හරින්න. දිනපතා මෙය සිදු කරන්න

විටමින් ඊ සත්කාරය

විටමින් ඊ කරලක ඇති ඔයිල් ගෙන එයට සීනි ස්වල්පයක් එක් කොට දණහිස් සහ වැලමිටේ ගල්වා මඳ වෙලාවක් තිබෙන්නට හැර සෝදන්න. දෛනික ප්‍රතිකාරයක් ලෙස සිදු කරන්න.

යෝගට් ආලේපය

යෝගට් වලට විනාකිරි ස්වල්පයක් එක් කොට හොඳින් කලවම් කරන්න. ඉන්පසු එම මිශ්‍රණය හොඳින් ඔබේ දණහිස් වල හා වැලමිටෙහි ගල්වා මිනිත්තු තිහකින් පසු සෝදා හරින්න.

අර්තාපල් සත්කාරය

අර්තාපල් පෙති කිහිපයකට කපා එය අඳුරු වූ ස්ථාන වල විනාඩි කිහිපයක් තබන්න. අර්තාපල් වල ඇති බ්ලීචින් ගුණය නිසා අඳුරු ගතිය මඟ හැරී යනවා.

-නිබන්ධිකා-

Related Articles

Don't Miss


Latest Articles