ආභරණ වල ඔපය හැමදාටම එක වගේ තියාගන්නෙ මෙහෙමයි

දිගින් දිගටම අබරණ පැළඳිමේදී ඒවා අව පැහැ ගැන්වීම සාමාන්‍ය දෙයක් වුණත් මිල අධික මෙන්ම අප වඩාත් ආදරය කරන ආභරණ දිගුකල් භාවිතා කිරීමටයි අපකැමති. රිදී, රත්තරන් සහ වෙනත් ඔනෑම ලෝහයකට ඊටම ආවේණික දිදුලන පැහැයක්, ඔපයක් තිබෙනවා. ඉතින් අපේ වැරදි ක්‍රියාකලාපයන් රැසක් මේ අවපැහැගැන්වීම් කෙරෙහි බලපාන බව ඔබ දැනගෙන සිටියාද ?

  • සබන් ඇතුලු සේදුම් කාරක බොහෝ දෙනෙක් ස්නානය කරන්නේ අබරණ ගලවන්නේ නැතිවමයි. විශේෂයෙන්ම රත්‍රන්, දියමන්ති වැනි අබරණ කලක් සේදුම් ද්‍රව්‍ය සමග ගැටුනු විට ඒවායේ තුනීපටලයක් බැඳී දුර්වල වෙනවා.
  • රසායන රත්‍රන් හොඳින් තබා ගැනීමට නම් රිදී,නිකල් වැනි ලෝහයන් සමග ගබඩා කර තබන්න.
  • ක්ලෝරීන් රත්‍රන් වැනි ලෝහවල ලොකුම සතුරෙක් විදියට ක්ලෝරීන් හඳුන්වන්න පුලුවනි. දිගින් දිගටම ක්ලෝරීන් වලට නිරාවරණය වීමෙන් ලෝහය කැඩී යන්නටත් පුලුවනි.
  • දුහුවිල්ල, විදුලිය, වාතය, තාපයට නිරාවරණය වීමෙන් අබරණ පමණක් නොව ඒවා අල්ලා ඇති ගල් පවා අව පැහැ ගැන්වෙනවා. එපමණක් නොව ඉරිතැලීම් පවා ඇතිවීමටහැකියි.
  • අබරණ නිතරම රැගෙන ආ බඳුන් වලම වෙන වෙනම සුරැකිව තබන්න. වෙනම අසුරණ නැතිනම් මෘදු කැබැල්ලක ඔතා තබන්න.
  • කෑමට, නෑමට පෙර ඉවත් කරන්න. ඉන් සේදුම් කාරකවලට නිරාවණය වීම නවතී.
  • පිහිනුම් තටාකයට හෝ ස්පා එකකට යාමේදී ඉවත්කරන්න.
  • මාස තුනකට වරක් මෘදු මස්ලින් රෙදි කැබැල්ලකින් අබරණ සියල්ල පිස දමන්න. මින් දූවිලි ඉවත් වී ඔපවත් බව වැඩි වේ.
  • ජලය එක කොටසකට ඇමෝනියා කොටස් එකක් මිශ්‍ර කර මිනිත්තු 30 ක් පමණ රන් අබරණ ගිල්වා තබන්න. තෙල් කුණු ගතිය වැඩි නම් මෘදු බුරුසුවකින් අතුල්ලන්න.
  • දන්තාලේප ආලේප කිරීමෙන්ද අබරණ දිදුලන පැහැයක් ගන්නවා. රිදී අබරණ ඔප දැමීමට සුදු විනාකිරි කෝප්ප බාගයක් සහ බේකින් සෝඩා මේස හැඳි 2ක් මිශ්‍ර කර අබරණ එහි ගිල්වා පැය තුනක් පමණ තබන්න. සිසිල් ජලයෙන්සෝදා පිරිසුදු රෙදි කැබැල්ලකින් හොඳින් පිස දමන්න.

– ඉරේෂා –

Related Articles

Don't Miss


Latest Articles