ලස්සනට ස්මාර්ට් පෙනුමට ඔෆිස් යමු

රජයේ ආයතනයක සේවය කරනවා නම් සාරිය ඔසරිය අනිවාර්ය වුණත් ඔබ පෞද්ගලික අංශයේ සේවිකාවක් නම් විවිධ විලාසිතා කරන්නට නිදහසක් ඔබට තිබෙනවා. ඉතින් පෞද්ගලික අංශයේ සේවය කරන ඔබට ඔෆිස් අඳින්න හොඳ විලාසිතා කිහිපයක් තමයි මේ.

Ankle glazer pencil cut trouser

තනි වර්ණ සහිත Ankle glazer pencil cut trouser වර්ග ඔෆිස් අඳින්න ඉතාම ගැළපෙනවා. කලිසමේ වර්ණයට ගැළපෙන ලෙස බ්ලවුස් එක තෝරා ගන්න. එය  Collar less top එකක් එකක් නම් වඩා සුදුසුයි. ඇඳුමේ වර්ණයට නෙක්ලස් එකක්, පාවහන් සහ,හෑන්ඩ් බෑග් එකක් තෝරා ගන්න අමතක කරන්නත් එපා.

Pencil cut Trouser and Blouse

pencil cut trouser එකකට බ්ලවුස් එකක් ගළපා අඳින්නත් ඔබට හැකියාව තිබෙනවා. මහත කෙට්ටු භේදයක් නැතිව මේ විලාසිතාවෙන් ඔබට සැරසෙන්න පුලුවන්.

Pencil cut Skirt and Shirt Blouse

ස්කර්ට් අඳින්න වැඩිපුර කැමති ඔබට මේ ස්කර්ට් එක හොඳ පෙනුමක් ලබා දේවි. කොලර් රහිත හෝ සහිත බ්ලවුස් එකක් යට කර ඇඳීම මේ ස්කර්ට් එකට වඩා හොඳින් ගැළපෙනවා.

Pencil cut Frock

ගවුමට වැඩියෙන් ලස්සන ගෑනු ළමයින්‍ට කාර්යාලයට අඳින්න වඩාත් ගැළපෙන ඇඳුමක් තමයි මේ. ශරීර හැඩය මනාව ඉස්මතු වෙන pencil cut frock එකක් සමේ වර්ණයට ගැළපෙන ලෙස තෝරා ගැනීමෙන් ඔබට වඩා හොඳ පෙනුමක් ලැබෙනවා.

Normal Skirt and Blouse 

සාමාන්‍යයෙන් අපි හැමෝම ඔෆිස් අඳින ඇඳුම තමයි මේ. ඔබ උසින් අඩු නම් තරමක් කොට ස්කර්ට් එකක් ඔබට ගැලපෙනවා. ඔබ උස කෙනෙක් නම් quarter ප්‍රමාණයේ ස්කර්ට් එකක් වඩාත් සුදුසුයි.
මේ හැම විලාසිතාවකටම ගැළපෙන පරිදි හෑන්ඩ් බෑග්, පාවහන් තෝරා ගන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔබේ මුහුණට වඩාත් ගැළපෙන හිසකෙස් විලාසිතාව අනුගමනය කිරීමත් ඔබේ පෙනුම තවත් ඔප් නැංවී පෙනෙන්නට හේතුවක්. ඒ වගේම සාමාන්‍ය මේකප් එකක් ද ඔබට හොඳ පෙනුමක් ලබා දේවි.
මේවා සම්බන්ධයෙන් ඔබට අපේ වෙබ් අඩවියේ පළවූ ලිපි හරහා ද තොරතුරු ලබා ගන්නට පුලුවන්.
-නිබන්ධිකා-

Related Articles

Don't Miss


Latest Articles