විවාහ ජීවිතේ රසවත්ව ගෙවන්න මේ ටිප්ස් දැනගෙන ඉන්න

විවාහය අපි හිතන තරම් සුන්දර එකක් නොවන බව විවාහ වුණාට පස්සේ ඔබට හිතෙන්න පුලුවන්. ඒත් එකිනෙකා තේරුම් ගැනීම තමයි විවාහයක් සාර්ථක වන ප්‍රධානම දෙය. ඉතින් ඔබට සාර්ථක විවාහ ජීවිතයක් ගෙවන්න උවමනා සමහර පුංචි කාරණා ගැන මේ ලිපියෙන් සිහිපත් කරන්න අපි හිතුවා.
  1. ඔබේ වචන සහ කෝපය පාලනය කරගන්න. කෝපයෙන් කියන වචනවලටත් ඔබ ඇතැම් විට දමා ගසන වචනවලටත් ඔබේ පවුල් ජීවිතය විනාශ කළ හැකි බලයක් තිබෙනවා. එනිසා වචන පිට කරන්නට පෙර දහස් වරක් සිතන්න. කෝපයෙන් සිටින විට හැකිතාක් සන්සුන් වන්නට උත්සාහ කරන්න
  2. සැමියා ඒකාධිපතියෙකු යැයි පුර්ව නිගමනයන් මත සිට ඔහුගේ අදහස් එකවර ප්‍රතික්ෂේප කරන්න හිතන්න එපා. ඇතැම් වෙලාවට අපිට වඩා ඔහු තීරණ ගන්නට පෙර හොඳින් හිතන අවස්ථා තිබෙනවා. බිරිඳට ඇති ආදරය නිසා ඔහු ගන්නා ඇතැම් තීරණවලට රණ්ඩු කරන්නට පෙර දහස් වතාවක් සිතා බලන්න.
  3. ඔහුගේ තීරණයක් වෙනස් කරන්නට සිතෙන හැම වෙලාවකම ඒ සදහා උපායශීලී වන්න… ඔහුගේ තීරණය හොඳ බවත් නමුත් ඔබ සතුව තවත් අදහසක් ඇති බවත් කියන්න. ගැටුම් වළක්වා ගැනීම ඉතා පහසු වේවි.
  4. ඔහු ගැටලුවකින් හෝ කෝපයකින් බව පෙනෙන විට පැකිලීමක් නැතිව ඒ ගැන විමසන්න. ප්‍රශ්නයක් ඔඩු දුවන්නට පෙර විසඳා ගන්නට සැලකිලිමත් වෙන්න. ඔබගේ යම් වරදක් නිසා සැමියා පීඩාවෙන් නම් තර්ක කරනවාට වඩා ඔබේ වරද නිවැරදි කර ගන්න උනන්දු වීමෙන් පවුලේ සාමය රැක ගතහැකි වේවී.
  5. ඔහුගේ ඉපයීම හෝ රැකියාව අනිත් අය සමඟ සසඳන්න එපා. සැමියාගේ ඉපයීම ප්‍රමාණවත් නැති බව දැනෙනවා නම් ඔබත් ආදායම් මාර්ගයක් සොයා ගැනීමට උනන්දු වෙන්න.
  6. කිසිම දිනක ගැටලුවකින් නින්දට යන්න එපා. ගැටලුවක් පසුදා දක්වා දුර දිග ගෙන යාම වෙනුවට කතා බහ කර විසඳා ගන්නට උනන්දු වෙන්න.
  7. ඔහු සමඟ එක්ව කළ හැකි විනෝදාංශ සොයා ගන්න. ඔබේ බැඳීම තව තවත් තහවුරු වන්නට එය හේතුවක් වේවො
  8. ඉතා කුඩා ආදර වදනකට, උණුසුම් වැලඳ ගැන්මකට, ප්‍රේමණීය හාදුවකට වචන දහසක බලය ඇති බව විශ්වාස කරන්න. සැබෑවටම ආදරණීය බිරිඳක් වන්න.
  9. කිසිම වෙලාවක පිටස්තරයන් සමඟ ඔහුව විවේචනය කරන්න එපා.
  10. ඔහු කාර්යාලයේ ගැටලුවකින් පීඩා විඳින විට ඔහුට නිහඬව, සවන් දෙන්න.
මේ හැම දෙයක්ම අපිට බොහොම සරලව කරන්න පුලුවන් දේවල්. ඒ වගේම විවාහ ජීවිතය යහපත්ව පවත්වාගෙන යන්න බිරිඳක් විදියට තව බොහෝ දේවල් කරන්න ඔබට පුලුවන්. ඉදිරියේදීත් අපි ඒ ගැන දැනුවත් වෙමු. ඒ වගේම පවුලේ සාමය රැක ගන්න ඔබ පමණක් උනන්දු වී පලක් නෑ.ඒ සදහා දෙදෙනාගේම කැපවීම,ඉවසීම අත්‍යවශ්‍යයි. එය ඔබ දෙදෙනාගේම වගකීමක් බව දෙදෙනාම අවබෝධ කරගැනීමෙන් පමණයි විවාහ ජීවිතය සුන්දර වන්නේ.
-නිබන්ධිකා-

Related Articles

Don't Miss


Latest Articles