One pot meals සංකල්පයට අනුව රසවත් සුප් එකක් හදා ගනිමු

සේරටම කලින් අපි බලමු මොකක්ද මේ one pot meal සංකල්පය කියලා..

මේ මඟින් අදහස් වෙන්නේ වළං වැඩි ප්‍රමාණයක් භාවිතා නොකර කාලය සහ ශ්‍රමය ඉතුරු කරගෙන සමබල ආහාරයක් එක් බඳුනක සාදා ගැනීමයි.

කලබලකාරී දවසක, බොහොම බිසී වුණු දවසක රාත්‍රි ආහාරයට ඔබට මේ සංකල්පය අත් හදා බලන්න පුලුවන්.

එහෙමනම් මේ විදියට හදා ගන්න රසවත් සුප් එකක් තමයි මේ..

චිකන් ඇන්ඩ් පොටැටෝ සුප්

අවශ්‍ය දේවල්:

  • බටර් මේස හැඳි 2
  • කුඩාවට කපාගත් ළුෑනු කෝප්ප 3/4
  • සුද්ධ කර සිහින් කැබලිවලට කපාගත් අල කෝප්ප 2
  • වතුර කෝප්ප 1 1/2
  • Dry herbs වර්ගයක් (පාස්ලි/සැල්දිරි)
  • ලුණු තේ හැඳි 1/2
  • ගම්මිරිස් තේ හැඳි 1/4
  • ෆ්‍රෙෂ් මිල්ක් කෝප්ප 1 3/
  • කුඩාවට කපා බැදගත් චිකන් මේස හැඳි 3

සාදාගන්නා ආකාරය:

  • මුලින්ම සාස්පානක් මඳ ගින්නේ රත් කර එයට බටර් දමා දියවෙන්න හරින්න. එයට ළුෑනු කෑලි එකතු කර දුඹුරු පැහැ වනතුරු බැදගන්න.
  • එයට අල, වතුර, dry herbs සහ ගම්මිරිස් එකතු කර වතුර රත් වී නටනතුරු තබන්න. අඩු ගින්දරේ අල හොඳින් තැම්බී භාජනයේ වතුර වාෂ්ප වී යන තුරු පැය බාගයක් පමණ තබන්න.
  • කිරි සහ චිකන් මේ අල මිශ්‍රණයට එකතුකර නටන තුරු පිස ගන්න. ලිපෙන් බා පාස්ලි කොළ කිහිපයක් එකතු කරලා කලවම් කරන්න.

-නිබන්ධිකා-

Related Articles

Don't Miss


Latest Articles