ඔබව අවලස්සන කරන මේ පුරුදු වලින් ඈත් වෙන්න

ලස්සනට ස්මාර්ට් පෙනුමට ඉන්න අපි කවුරුත් හරිම කැමතියි. ඒත් අපේ සමහර පුරුදු අපිව ඉක්මනින් වයසට යවන්නට සමත් වෙනවා. ඒ ගැන ඔබව දැනුවත් කරන්නයි මේ සූදානම.

සන් ක්‍රීම් එකක් භාවිතා නොකිරීම

දිවා කාලයේදී හිරු කිරණින් සම ආරක්‍ෂා කර ගැනීමට නම් සුදුසු හිරු ආවරණ ආලේපනයක් ගැල්වීම ඉතා වැදගත්.  සමට හානි වී පිග්මන්ටේෂන් වැනි තත්ත්වයන් හා සම රැලි වැටී වියපත් වීම වළක්වා ගන්න සන් ක්‍රීම් එකක් අනිවාර්යයෙන් භාවිතා කරන්න

බාල මේකප් භාවිතය

අපේ මුහුණේ  සම ඉතා සංවේදී නිසා සුදුසු නිෂ්පාදන වර්ග තෝරා ගැනීමේදී ප්‍රවේසම් වීම වැදගත්.  ප්‍රමිතියක් ඇති නිෂ්පාදන තෝරා ගැනීම අනිවාර්ය යි. නැත්නම් ඔබේ මුහුණට නොයෙක් විකෘති තත්ව ඇති වී ඔබව අවලස්සන වෙන්න පුලුවන්.

සම සහ මුහුණ ගැන අමතක කිරීම.

හොඳින් ජලය පානය කිරීම, සම වියළීම වළක්වන ආලේපන භාවිතා කිරීම, සමට හානි වූ විට සුදුසු සත්කාර කිරීම ඉතා වැදගත් බව අමතක කරන්න එපා. ඔබේ සමට දීප්තිමත් පෙනුමක් ලබාදෙන සෞඛ්‍ය සම්පන්න ආහාර ලබා ගැනීමත් වැදගත්.

හොඳ නින්දක් ලබා නොගැනීම

පාඩම් කටයුතු, අධික අන්තර්ජාල ඇබ්බැහිය ආදිය නිසා අපේ තරුණියන් නින්ද ලබා ගන්නේ ඉතා අඩුවෙන්. එය ඔබේ සමට හා සිරුරට අහිතකර දෙයක්. අධික වියපත් පෙනුමක්, ඇස් ගිලී යාම්, හිසකෙස් ගැලවීම ආදිය වළක්වා ගන්න දිනකට පැය අටක්වත් නිදා ගන්න.

සම හොඳින් පිරිසිදු නොකිරීම.

සමේ  කැළැල් හා සිදුරු ඇති විට සුදුසු ක්ලෙන්සර් එකක් යොදා ගෙන සම හොඳින් පිරිසුදු කර ගන්න.
උදේ ගැල්වූ  මේකප් හොඳින් සෝදා ඉවත් කර නින්දට යන්න. මේකප් ඉවත් කරන ප්‍රමිතිගත නිෂ්පාදන තෝරා ගැනීමත් වැදගත්.  මුහුණට විවිධ ආසාදන ඇති වීම වැළැක්වීමට මෙය අනිවාර්යයෙන්ම සිදු කරන්න.
මේ දේවල් කියවනකොට ඔබට වැටහෙනවා ඇති කරන්නන්වාලේ සමට සත්කාර කිරීමත් අපිරිසිදුකමත් ඔබට අවලස්සන පෙනුමක් ගෙන එන බව. ඒ නිසා ඔබට ලස්සන ස්මාර්ට් පෙනුමක් අවශ්‍ය නම් හැම විටකම පිරිසිදුකමට මුල් තැන දෙන්න.
-නිබන්ධිකා-

Related Articles

Don't Miss


Latest Articles