ටෝසටරෙන් කේක් හදමු

අවන් එකක් නැති අපේ ගෘහණියන්ට කේක් හදන්න ක්‍රමයක් නෑ කියලා පසුතැවුණු කාලය අහවර කරන රහ ආරංචියක් තමයි මේ.

අපිට සමහර පහසුමක් නැහැ තමයි. ඒත් අපි ළඟ තියෙන දේවල් වලින් අපිට අලුත් අත්හදා බැලීම් කරන්න පුලුවන්. ඒ නිසා ටෝස්ටර් එක යොදා ගෙන කේක් හදන්නයි මේ කියා දෙන්නේ.

අවශ්‍ය දේවල්:

  • පාන් පිටි 120g
  • බේකින් පවුඩර් තේ හැදි
  • එළවළු තෙල් 125ml
  • සීනි 100g
  • බිත්තර 2
  • වැනිලා තේ හැදි 1
  • බටර් ටිකක් (ටෝස්ටර් එකේ තවරා ගැනීමට)

සාදා ගන්නේ මෙහෙමයි:

මුලින්ම පිටි ටිකට බේකින් පවුඩර් එකතු කර දෙතුන් වරක් පෙනේරයකින් හලා ගෙන පසෙකින් තබා ගන්න. පසුව වෙනත් භාජනයකට එළවළු තෙල් සහ සීනි දමා ගෙන සීනි දිය වී ක්‍රීම් එකක් වන තෙක් හොඳින් බීට් කර ගන්න. ඉන් පසුව බිත්තර එක්කර හොඳින් බීට් කරන්න. වැනිලා ද එක් කරන්න.

පිටි ටික එක් කර හැන්දකින් පෙරලමින් කැට නොතිබෙන ලෙස කලවම් කරන්න. ටෝස්ටර් එකේ හොඳින් බටර් තවරා එය මඳක් රත් වන තුරු ටෝස්ටර් එක ක්‍රියාත්මක කර තබන්න.

ටෝස්ටර් එක රත් වූ පසුව හැන්දකින් කේක් මිශ්‍රණය ටෝස්ටර් එකට (සම්පූර්ණයෙන් ටෝස්ටරය පිරෙන සේ) පුරවා ගෙන විනාඩි පහක් පමණ පිස ගන්න. ටූත් පික් එකක් ආධාරයෙන් හොඳින් තැම්බී ඇත්දැයි බලන්න පුලුවන්.

අවශ්‍ය නම් චොක්ලට් දියරයක් උඩින් ඉස ගන්න. ජෑම් වුණත් නරකම නැහැ.

සරල දෙයක්.. ඔබට කේක් කෑලි දහයක් දොළහක් පමණ මේ ද්‍ර්ව්‍ය ප්‍රමාණය ආධාරයෙන් පිස ගන්න පුලුවන්.

-නිබන්ධිකා-

Related Articles

Don't Miss


Latest Articles