අනවශ්‍ය රෝම ඉවත් කිරීමට පෙර මේ දේවල් පිළිපදින්න

සම මත ඇති අනවශ්‍ය රෝම කිසිලිවල රෝම ඉවත් කරගැනීම අපි නිතරම සිදු කරන දෙයක්. බොහොම සරල කාර්යයක් වුණත් මේ ක්‍රියාවලියේ දී අපි අතින් වන අත්වැරදි තිබෙනවා. මේ දැනුවත් කිරීම ඒ ගැනයි.

වියළි සමේ රෝම ඉවත් කිරීම.

සමේ කුඩා රතු ලප මතු වීමට ප්‍රධානම හේතුව මෙයයි. හදිසියේ රේසයකින් සම වියළිව තිබියදී රෝම ඉවත් කරන්නට එපා. සම හොඳින් තෙත් කර ජෙල් වර්ගයක් හෝ ශේවින් ක්‍රීම් එකක් ගල්වා රෝම ඉවත් කරන්න.

රේසරය දිගු කාලීනව භාවිතා කිරීම.

රේසරයේ බැක්ටීරියා එකතු වී සම ආසාදනයට ලක් කළ හැකි නිසා ඔබේ රේසරය සතියකට වතාවක් පමණ මාරු කිරීම සුදුසුයි. රෝම ඉවත් කළ පසු රේසරය හොඳින් සෝදා වියළා ගන්නටත් අමතක කරන්න එපා.

රෝම ඉවත් කරන නිවැරදි ක්‍රමය.

කෙස් වැවී ඇති දිශාවට විරුද්ධ දිශාවට කෙස් ඉවත් කිරීම තමයි රෝම ඉවත් කරන නිවැරදි ක්‍රමය වන්නේ. නමුත් ඔබේ සම සංවේදී සමක් නම් කෙස් වැවී ඇති දිශාවටම ශේව් කරන්න. සම මත තද පීඩනයක් යොදන්නත් එපා.
ඒ වගේම කලබලයෙන් හා හදිසියෙන් ශේව් කිරීම නුසුදුසුයි. සමේ කැපීම් හා සිරීම් සිදුවී ඔබට නොපෙනෙන ලෙස රුධිරය පිටවීමේ අවදානමක් පවතිනවා. ඒ නිසා මෙය විවේකයෙන් සිදු කරන්න.

ස්ක්‍රබ් එකක් හා මොයිස්චරයිස් ක්‍රීම් භාවිතය.

ශේව් කරන්නට පෙර සම ස්ක්‍රබ් කර සමේ ඇති මැරුණු සෛල ඉවත් කිරීම ඔබට පහසුවක්. එය සම සමතල කරන අතර සමට තෙත් බවක් ලබා දී රෝම ඉවත් කිරීම පහසු කරනවා.
රෝම ඉවත් කිරීමෙන් පසු සම වියළී යන නිසා ශේව් කිරීමෙන් පසු සමේ මොයිස්චරයිස් ක්‍රීම් එකක් ආලේප කරන්න.
-නිබන්ධිකා-

Related Articles

Don't Miss


Latest Articles