බෙඩ් ටයිම් ස්ටෝරි – 12

0
1197

බෙඩ් ටයිම් එකටම විතරක් නෙවෙයි…

කතන්දර අහන්න ආසා පොඩ්ඩෝ ඉන්න, ඒත් පොඩ්ඩන්ගේ ඉල්ලීමේ තරමටම තමන්ගෙ කතා ගබඩාවෙ කතාන්දර නොමැති අම්මලාගෙ සහායටයි අප ඉන්නේ. විනාඩි කිහිපයකින් අපේ වෙබ් අඩවියට ගිහින් ඉක්මනින්ම රසවත් කතාවක් බලාගන්න. ඔයාගේ රසයෙන් කියන්න. පොඩ්ඩාගෙ පරිකල්පනයේ මූලික බීජ ඔබේ ආදරනීය කතාන්දර මතින් ගොඩ නැංවෙනු ඇති.

වීර කූඹියා..

ඔන්න එකමත් එක රටක කුහුඹියෙක් හිටියා. එයාගෙ නම මුකුත්ම නෙවෙයි. නිකන්ම නිකන් කූඹි රාළ. එයාල හිටියෙ තවත් කූඹි පිරිසක් එක්ක එක තට්ටු ගේක. ඉතින් එක එක දවස් බෙදාගෙන තිබ්බා එයාලා කෑම හොයන්නට යන.මේ කියන දවසේ එළියට යන්න තිබ්බෙ අපේ මේ කූඹි රාළට. ඉතින් එයා උදෙන්ම නැගිටලා මුහුණ හෝදගෙන පවුලේ අයට කතා කළා. එයාගෙ පවුලේ හිටියේ එයයි, බිරිඳයි, දුවල දෙන්නයි, පුතයි.

ඉතින් ඔක්කොම උදෙන්ම කැලෑවට ගියා. ගිහින් එයාලට ඕන කරන දේවල් සොයාගත්තා. එයාලා උදෙන්ම කෑමත් අරගෙනයි ගියේ. ඉතින් ඔන්න ඔහොම මහන්සි වෙලා වැඩ කරලා විවේක ගන්න හිතාගෙන එයාලා ඉක්මනින්ම ගෙදර ගියා. ඒත් හරිම වැඩේ තමා. එයාලගෙ ගේ පේන්න නම් නැහැ. හැමෝමටම හරිම පුදුමයි. දුකයි. ඔන්න ඔහොම ඉද්දි ආවා මදුරුවෙක්. එයා කිව්වා එයාලා නැති අතරේ අනෙක් අය ගේත් අරන් කොහේද ගිය බව. ඒත් ඇත්ත ඒක නෙවේ. එයාලා යන්න කලින් එයාල යන තැන ලිපිනය කූඹි රාලට දෙන්න කියලා මදුරුවට දුන්නත් නපුරු මදුරුවා කූඹි රාළට ඒක කිව්වෙ නැහැ. ඉතින් හරිම වැඩේ. ඒත් අපේ කුඹි රාළ හරිම දක්ෂයි. දුක් වෙවී ඉඳලා බෑනේ. එයා ඉක්මනින්ම ගෙයක් හොයාගත්තා. ඒක ටින් එකක්. එයාලා ඒකෙ පදින්චි වුණා. අලුත් ගෙදර හරිම ලස්සනයි කියලා .

ඔන්න ඉතින් ගෙට ගෙවදීමට එයාලා උත්සවයක් සූදානම් කළා. දන්න කියන හැමෝටම එන්න කිව්ව. සාදය අතරේ එයලා දන්නෙ නැතිවම ගං වතුරක් ඇවිත් තිබුණා. ගෙය පාවෙන්න ගත්තා. අමුත්තො ඔක්කොම ඉක්මනින්ම ඉවත්වුණා. ඒත් අපේ කූඹි රාළ බය වුනේ නැහැ. එයා ඉක්මනින්ම රුවලක් දැම්මා. ගෙය ගඟ දිගේ පාවෙන්න පටන් ගත්තා. කෑම ඕන වුණාම ගෙය නවත්තගන්න පුලුවන්. ඒ විතරක් නෙවෙයි, කාටද ඉතින් මේ වගේ ලස්සන පාවෙන ගෙයක් තියෙන්නෙ. ඒ විතරක් නෙවේ. හැමදාම අලුත්ම පරිසරයක්. ඉතින් ගඟක් දිහා බලන ඕනම කෙනෙක්ට වටකුරු ටින් බඳුනක් පාවෙනවා දැක්කොත් ඒ අපේ කූඹි රාළගේ ගෙදර කියලා අඳුනගන්න පුලුවන්. එයා නිකන්ම නෙවේ යන්නෙ, ලස්සන සිංදුවකුත් ගායනා කරමින්.

“පුත්තු මගේ වීරයෝ වැඩට හරිම සූරයෝ මගෙ දූවරු ලස්සනයි වැඩට බොහොම කඩිසරයි කුඹ හිටවා රුවල් ඇදලා අපි යනවා නැව් නැගලා එළව දමන දුක් කරදර මමයි වීර කූඹි රාළ… “

මේ කතාව රුසියන් කතාවක්

– චම්මි –