නිවසේ අපිරිසිදු පැල්ලම් පහසුවෙන් පිරිසිදු කරන්න සරල ටිප්ස්

අපි හැම වෙලාවෙම උත්සාහ කරන්නේ ලස්සනට පිළිවෙලට ඉන්න. ඒ අතරින් අපේ නිවස පිළිවෙලට තබා ගැනීම ඉහළම අංකයක පවතින දෙයක්. වැඩි මහන්සියක් නැතිව නිවස පිරිසිදු කරන්න හිතන ඔබ වෙනුවෙන් තමයි මේ සරල ටිප්ස් කිහිපය ඉදිරිපත් කරන්නේ.
නිවසේ ඇති දියර වර්ග භාවිතා කරමින් පිරිසිදු කිරීම් පහසුවෙන් කරගන්නා ආකාරය ගැන අද දැනුවත් වෙමු.
  • නිවසේ ස්විච් සහ පරිපථ පිරිසිදු කිරීමට ස්ප්‍රීතු දියරයක් භාවිතා කරන්න පුලුවන්.
  • නාන කාමරයේ බිම පිරිසිදු කරන්නට ලෙමන් ජූස්, ෆීනයිල් සහ ඩිටර්ජන් පවුඩර් එකතු කර දියරයක් ඔබටම සාදා ගන්න පුලුවන්.
  • පිත්තල බඳුන් පිරිසිදු කරන්නට අබ තෙල් සහ කහ වලින් ඔබට පිරිසිදුකාරක සකසා ගන්න පුලුවන්.
  • තඹ භාජන පිරිසිදු කිරීමට විනාකිරි සහ ලුණු එක්කර තැනූ දියරයක් ඔබට සකසා ගන්න පුලුවන්.මේ සඳහා ලෙමන් යුෂත් ගැලපෙනවා.
  • රූපාවාහිනි තිරයේ ඇති සලකුණු මැකීමට ටූත්පේස්ට් ස්වල්පයක් ඒ සලකුණු මත අතුල්ලා  මැදීමෙන් සිදු කරන්න පුලුවන්.
  • කුඩා දරුවන්ගේ ඇඳුම් වලින් හමන ගන්ධයන් නැති කරගන්න බේකින් සෝඩා හැන්දක් සෝදන භාජනයට එකතු කරන්න.
  • ඔබේ ඇඳුම් වලින් එන ගන්ධයන් වළක්වා ගන්නට ඩිටර්ජන් සහ ඇස්ප්‍රින් පෙති දෙකක් ජලයට මිශ්‍ර කර රෙදි සෝදා ගන්න.
  • ඇඳුම් වල ඇති ලිප්ස්ටික් සළකුණු මකා ගන්න ඒ මත ග්ලිසරින් ආලේප කර අතුල්ලා සෝදා හරින්න. වූල් ඇඳුම් සඳහා මෘදු බවක් ලබා දෙන්නත් ඒවා ග්ලිසරින් අඩංගු ජලයෙන් සෝදා ගන්න.
-නිබන්ධිකා-

Related Articles

Don't Miss


Latest Articles