එළවලු අතර හැඩ වගේම වැඩ පෙන්වන බෙල් පෙපර්.

මේ කාලයේ ඉතාමත්ම ජනප්‍රිය ආහාරයක් තමයි බෙල් පෙපර්.

සලාද වර්ග හැඩ වැඩ කිරීමට සහ රසවත් කිරීමටබෙල් පෙපර් නැතිවම බැරි තත්වයක් තමා උදා වෙලා තියෙන්නෙ.

අලංකාර වර්ණ තුනකින් යුතු වීමත්,මිරිස් වර්ගයක් වුනත් කට දැවිල්ල ඇති නොකරන නිසාත්,කුඩා දරුවනගේ ආහාර අලංකාර මෙන්ම රසවත් කිරීමට පහසුවෙන් සොයා ගත හැකි නිසාත් බෙල් පෙපර් හරිම ජනප්‍රියයි.ඉතින්,නිකන්ම නිකන් කන්නෙ නැතිව බෙල් පෙපර් ගැන දැනගෙනම කමු නේද ?

බෙල්පෙපර් ඒ නමින් හඳුන්වන්නේ සීනුවක හැඩයක් ගන්නා නිසයි.බ්‍රිතාන්‍ය,කැනඩාව සහ අයර්ලන්තයේදී මෙය ස්වීට් පෙපර් ලෙසත් කැප්සිකම් ලෙස ඕස්ට්‍රේලියාව,ඉන්දියාව,පකිස්තානය,නවසීලන්තය ආදී රටවල හඳුන්වනු ලබනවා.

බෙල් පෙපර්වල නිජබිම මෙක්සිකෝව කියලයි කියන්නෙ.මධ්‍යම ඇමරිකාවේ සහ උතුරු ඇමරිකාවේ වගා කරනු ලැබූ බෙල්පෙපර් බීජ පසුකාලයකදී ලොව පුරා ව්‍යාප්ත වුනා.

බෙල් පෙපර් විවිධ වර්ණ කිහිපයකින්ම යුතු වෙනවා.රතු,කහ,තැඹිලි,කොල,දුඹුරු,සුදු සහ දම් ලෙස ප්‍රභේද රැසක් තිබෙනවා.

සාමාන්‍ය උණුසුම් සාරවත් පසක හොඳින් වැඩෙන බෙල් පෙපර් වලට ආර්ද්‍රතාවය වැඩි දේශගුණයක් වඩාත්ම ගැලපෙනවා.සෑම වර්ණයකම බෙල් පෙපර් ඉදීමට පෙර කොළ පාටට තිබෙනවා.

රතු පාට බෙල් පෙපර්වල කොල පාට වර්ගයට වඩා නව ගුනයක් වැඩියෙන් ලයිකොපෙන් නම් කැරොටීන් විශේෂය අඩංගු වෙනවා.ඒ වගේම රතු බෙල් පෙපර් වල කොල වර්ගයට වඩා දෙගුණයක් විටමින් ඇති බව සොයාගෙන තිබෙනවා.

බෙල්පෙපර් වල ඇති ප්‍රති ඔක්සිකාරක ගුණය නිසා පෝෂණයෙන් යුතු ආහාරයක් ලෙසයි සැලකෙන්නෙ.හදවත් රෝගීන්ට,පිළිකා සහ නිදන්ගත රෝගීන්ට,වයස්ගත වීම නිසා ඇතිවන ඇස් රුදාව පාලනය වීම වැනි තත්වයන් සඳහා ඉතාමත්ම ගුණදායකයි.

ඇසේ දෘෂ්ටි විතානය ආරක්ෂා කිරීමට මෙහි ඇති ලුටෙයින් සහ සීක් සැන්නින් උපකාරී වනවා.

බෙල් පෙපර් කියන්නේ යකඩ බහුල ආහාරයක්.යකඩ ඌනතාවයෙන් පෙලෙන්නන්ට ඉතාමත්ම සුදුසු ආහාරයක්.විශේෂයෙන්ම සැර ආහාරයක් නොවන නිසාත් පිස ගැනීමකින් තොරව ආහාරයට ගත හැකි නිසාත් යකඩ විනාශ වන්නේ නැහැ වගේම කුඩා දරුවන්ටත් ඉතාමත්ම සුදුසුයි.ඒ වගේම විටමින් සී අඩංගු නිසා ඉන් යකඩ දිරවීම වඩාත් පහසු කරවනවා.

වසර දොලහක් තිස්සේ රැස් කරන ලද දත්ත මගින් බෙල් පෙපර් ආහාරයට ගැනීමෙන් පුරුශයන් හට ඇතිවන පුරස්ති ග්‍රන්ථි පිලිකා වැලැක්වීමේ හැකියාව ඇති බව පර්යේෂණවලින් තහවුරු වී තිබෙනවා.

ඉතින් පැහැදිලියි නේද ?කෑම මේසය හැඩ කරන සුන්දර හැඩකාරයා අපට කෙතරම් ප්‍රයෝජනවත් ද කියලා.

– ඉරේෂා –

Related Articles

Don't Miss


Latest Articles