මීයෝ ගෙදර වනසනවා නම් මෙන්න විසඳුම්..

මීයන් නිවසේ ආධිපත්‍යය ලබා ගන්නවා කියන්නේ අපිට ලොකු හිරිහැරයක්. ඒ වගේම රෝගවලට පවා අත වැනීමක්. මී කරදරයෙන් නිදහස් වෙන්න මෙන්න මේ විදියට ඔබට පුලුවන්.

ඇමෝනියා

සබන් කුඩු වර්ගයකින් හැදි දෙකක් වතුරු වීදුරු කාලකුත් එක්ක ඇමෝනියා කුඩු කෝප්ප දෙකක් අරගෙන මේ සියල්ලම භාජනයකට දාලා මිශ්‍ර කරගන්න. මතක ඇතුව අත්වැසුම් යුගලයක් නම් පළදින්නම ඕන. හදාගත් දියරය භාජනවල දාලා මීයෝ ගැවසෙන ස්ථාවල තියන්න. මෙයින් නිකුත්වන සුවඳ මීයන්ට ඔරොත්තු දෙන්නේ නෑ.

 පෙපර්මින්ට් තෙල්

පෙපර්මින්ට් තෙල්වල තියන මිහිරි සුවඳට මීයෝ කැමති නෑ. ඒ නිසා ඔබට කරන්න තියෙන්නේ පුළුන් බෝල හදලා පෙපර්මින්ට් තෙල්වල ගිල්වලා මීයෝ ගැවසෙන තැන්වලින් තියන්න.

ළූණු

මීයෝ අකමැති තවත් දෙයක් තමයි ළූණු. ඒ නිසා මීයෝ ගැවසෙන තැන්වල ළූණු පෙති කීපයක් කපලා තියලා බලන්නකෝ. මේක මීයන් එළවන්න පුළුවන් ස්වභාවික ක්‍රමයක්.

ගම්මිරිස්

ගම්මිරිස් කුඩුත් මීයෝ එළවන්න භාවිතා කරන්න පුළුවන්. මීයෝ ගෙවල් හදලා තියන තැන් බලලා ගම්මිරිස් කුඩු ටිකක් තියලා බලන්න.

දවුල් කුරුඳු

”බේ ලීප් ” හෙවත් දවුල් කුරුදු වලින් කොළ ටිකක් මීයෝ එන තැන්වලින් තියන්න. ඒවා රස කෑමක් කියලා හිතලා මීයෝ ආහාරයට ගන්නවා. ඒත් මේ දවුල් කුරුඳු ආහාරයට ගැනීමෙන් මීයන් මරණයට පත්වෙනවා.

බේබි පවුඩර්

බේබි පව්ඩර් සුවඳත් මීයන්ට ඔරොත්තු දෙන්නේ නෑ. මීයන් ගෙවල් හදලා තියන තැන්වලට බේබි පවුඩර් ටිකක් ඉහලා බලන්න.

මී උගුල්

මීයෝ අල්ලන්න පාවිච්චි කරන මී උගුල් දැන් වෙළඳපොලේ ගන්න තියනවාඒ වගේ උගුල් දෙකක් තුනක් ගෙනැත් තියලා බලන්න. මේක සත්තු මරන්න අකමැති අයට හොඳ ක්‍රමයක්.
-නිබන්ධිකා-

Related Articles

Don't Miss


Latest Articles