කුස්සියේ ජරමරේ පහසු කරන “කිචන් ටිප්ස්”

කාර්යක්ශම ගෘහණියක් ලෙසට ඔබේ කාලේ  ඉතිරි කර ගන්න ඒ වගේම පහසුවෙන් සැහැල්ලුවෙන් එදිනෙදා ගෙදර වැඩ කටයුතු වල නියැලෙන්නට මේ kitchen tips  ඔබට උපකාර වේවි.

  • බිත්තර තැම්බූ පසු උණුවෙන්ම සීතල වතුර බඳුනකට දමන්න පහසුවෙන්ම කටු ඉවත් කර ගන්නට පුළුවන් .
  • වීදුරු බෝතලයකට බිත්තර පිටි ලුණු දමා මූඩිය වසන්න. හොදින් සොලවන්න .එය
    ශීතකරණයේ තබා ගෙන බිත්තර රොටී අවශ්‍ය වෙලාවට ඉන් ටිකක් දමා එකක් සාදා ගන්න පුළුවන් කලබල වෙලාවට කදිම පහසුවක් .
  • තම්බා ගත් අල ඉක්මනින්ම සීතල වතුරට දමන්න .ඉතාමත් පහසුවෙන් ම පොතු ගැලවෙනවා.
  • වියලි සුදු ලූනු පොතු ඇර ගන්න පහසුම ක්‍රමයක් තමයි මේ .බඳුනකට සුදු ලුනු දමන්න.තවත් බඳුනකින් වසා හොඳින් සොලවන්න.පොතු ගැලවී යනවා.
  • හෑන්ඩ් බීටර් එකෙන් බීට් කරද්දි බීට් කරන ද්රව්ය ද්‍රව්‍ය ඉවතට විසිවීම බොහෝ දෙනා මුහුණ දෙන ගැටලුවක්.පේපර් ප්ලේට් එකක් ගෙන බීටරය එය හරහා සවි කරන්න .
  • මේස රෙද්ද මතට තෙල්  වැටුණු විට විගසින්ම ඒ මතට කෝන්පිටි ටිකක් ඉසින්න.විනාඩි පහළොවකින් පමණ ඉවත් කරන්න .තෙල් පැල්ලම අතුරුදහන් වී තිබෙන බව ඔබට පෙනේවි.
  • පිහිය මුවහත් නැත්නම් පෝසිලේන් කෝප්පයක් ගන්න. එහි යටි පැත්තේ දාර වල පිහිය හොදින් අතුල්ලන්න දැන් වෙනස බලන්න.
  • කැඳ වර්ග සාදා ගැනිමට අවශ්‍ය කොළවල යුෂ කොළවල යුෂ කල් තබා ගැනීමට අයිස් කැට ලෙස සකසා තබා ගන්න.

Related Articles

Don't Miss


Latest Articles