පොඩිත්තන් කටේ දා ගත්තට අගුණ නැති “ක්ලේ” ගෙදරදී ම හදමු.

ක්ලේ කියන්නේ පොඩිත්තන්ට හසුරු කුසලතා වර්ධනයට හොඳින් උපකාරි වෙන දෙයක්. ඒත් පොඩිත්තන් මේවා හොරෙන් කටේ දා ගැනීමත් ගැටලුවක්. ඒ නිසා නිවසේ දීම ක්ලේ හදා ගන්න ඔබට පුලුවන්.

අවශ්‍ය දේවල්:

  • පාන් පිටි 100g
  • ලුණු කුඩු 40g
  • පොල්තෙල් 10ml
  • දෙහි යුශ 10ml
  • නටන උණු වතුර 100ml
  • කලරින්

සාදාගන්නා ආකාරය:

 

  • පාන් පිටි සහ ලුණු එකතු කර හොඳින් කලවම් කර දෙහි සහ පොල්තෙල් එක්කර හොඳින් මිශ්‍ර කරන්න.
  • නටන උණු වතුර මේ මිශ්‍රණයට ටිකෙන් ටික එකතු කරමින් හැන්දකින් කලවම් කරන්න.
  • එක ගුලියකට ගතහැකි තරමට හොඳින් කලවම් වූ පසු එයට කලරින් එකතු කර නැවත හොඳින් කලවම් කර ගන්න.
  • මේ අයුරින් විවිධ පාට යොදා සාදා ගන්න පුලුවන්.
  • හුලං නොවදින ලෙස සිප් ලොක් බෑග් වල අසුරා ශීතකරණයේ තබන්න.
-නිබන්ධිකා-

Related Articles

Don't Miss


Latest Articles