බෙඩ් ටයිම් ස්ටෝරි 13

0
588

කතන්දර අහන්න ආස පොඩ්ඩෝ ඉන්න ,ඒත් පොඩ්ඩන්ගෙ ඉල්ලීමේ ඒ තරමටම තමන්ගේ කතන්දර ගබඩාවේ කතන්දර නොමැති අම්මලාගේ සහයටයි අපි ඉන්නේ.පොඩ්ඩාගේ පරිකල්පනයේ මූලික බීජ ඔබේ ආදරණීය කතාන්දර මතින් ගොඩනැගෙනු ඇති.

අන්දරේ ගේ කතා 2

අන්දරේ තැනට සුදුසු නුවණ පාවිච්චි කරන්න හරිම දක්ෂයෙක් .ඔන්න ආයෙමත් දවසක රජතුමා ට හිතුනා අන්දරේ ව පරද්දන්න .දවසක් රජතුමා දැක්කා යෝධයෙක් පාරේ ඇවිදගෙන යනවා .යෝධයා මෙන්න මෙහෙම කෑ ගැහුවා .

මා එක්ක සටන් කරන්න දක්ෂයෙක් මේ රටේ ඉන්නවා නම් වහාම ඉදිරිපත් වෙන්න “කියලා .

රජ්ජුරුවන්ටත් ආරංචිය ලැබුණා.එයා රාජපුරුෂයන් ව රට වටේට ම පිටත් කළා.ඒත් යෝධයා එක්ක සටන් කරන්න කවුරුවත් ඉදිරිපත් වුණේ නැහැ . රජ්ජුරුවන්ට හරිම ලැජ්ජයි .එයාට අන්දරේ  මතක් උනා .රජතුමා අන්දරේ ව රජවාසලට  ගෙන්නුවා .ගෙන්නලා මෙන්න මෙහෙම ඇහුවා.

අන්දරේ ……….ඔයාට පුලුවන් ද මම කියන ඕනම කෙනෙක් එක්ක  සටන් කරන්න?”

අන්දරේ ටිකක් තිගැස්සුණා .ඒත් රජතුමාට ඒක පෙන්නුවෙ නැහැ .”මට පුළුවන් ඔබ තුමා කියන ඕනම දෙයක් කරන්න “.අන්දරේ රජතුමා ට කිව්වා .රජතුමාට හරිම සතුටුයි. රජතුමා රාජ පුරුෂයන්ට නියෝග කළා වහා ම යෝධයව රජු මාළිගාවට රැගෙන එන්න කියලා .යෝධයව දැකලා අන්දරේ ට හීන් දාඩිය දාන්න ගත්තා .ඒත් තමන් බය වුණු බව කාටවත් ම ඇඟෙව්වෙ නැහැ . වීරයෙක් වගේ කෙලින් කතා කළා. “මෙයාව පරද්දන එක මහ ලොකු දෙයක් ද ?” අන්දරේ කිව්වා . “මෙයා යෝධයෙක් වුණාට මගේ එක මිටකට වත් මෙයාව මදි.” අන්දරේ කිව්වා. යෝධයාට දැන් හරිම කේන්තියි .අන්දරේ එහෙම කිව්වට හිත යටින් හරිම බයෙන් හිටියේ .ඒත් රජතුමා ඉස්සරහ පරාද වෙන්නත් බැහැ නේ . අන්දරේ හොඳ උපායක් කල්පනා කරලා රජතුමාට මෙන්න මෙහෙම කිව්වා.”රජ තුමනි ,මාවත් මේ යෝදයා වත් ටික බිත්තියකින් වෙන් වූ කාමර දෙකකට දමලා සතියක් තිස්සේ හොඳ පෝෂදායි කෑම අපිට දෙන්න ඕන” .
හැමෝම ඒ ඒ යෝජනාවට කැමති වුණා. සතියකින් තමා සටන.

ඔන්න ඉතිං අන්දරේ කියපු විදියට දෙන්නම එක බිත්තියකින් වෙන්වුණු කාමරයකට දැම්මා.දෙන්නටම හොඳ රාජ බෝජන ලැබුණා. අන්දරේ දවස ගානෙ බිත්තියේ සිදුරක් හෑරුවා.සතියක් ගෙවිලා සටන් දිනේ ලංවුනා.යෝදයා අන්දරේට කිව්වා පරාද වෙන්නේ නැතුව සටනින් දැම්ම ඉවත් වෙන්න කියලා අන්දරේ හිනා උනා.අපි ඒක හෙට බලා ගමු කිව්වා. ඒ අතරේ අන්දරේ  යෝදයා ගෙන් බුලත් විටක් ඉල්ලුවා.බුලත් නම් තියෙනවා ඒත් කොහොමද දෙන්නෙ .යෝධයා ඇහුවා .අපි කිව්වනේ අන්දරේ බිත්තියෙ සිදුරක් හාරමින් හිටිය කියලා .එයා ගේ අතින් බිත්තිය කැඩුවා වගේ පේන්න අත දාලා බුලත් විට ගත්තා .යෝධයා හොඳටම බය වුණා.  එයා හිතුවා අන්දරේ ඒ වෙලාවේ තමයි බිත්තිය කැඩුවෙ කියල .එයා කාටත් හොරා පැනලා දිව්වා. අන්දරේට  සටනින් නිකංම දිනුම ලැබුණ.

චම්මි