ඉඩ අඩු ගෙදරට වැඩ වැඩි උපකරණ.

ඉඩ කඩ අඩුවෙන් ලස්සනට නිවාස සාදා ගැනීම ගැන අද බොහෝ දෙනා උනන්දුවක් දක්වනවා.ඉඩම් මිල ඉහලට යාම වගේම කාර්‍යබහුලත්වය සමග ලොකු ඉඩක් නඩත්තු කිරීමේ අපහසුව නිසාම ඉඩකඩ අඩු නිවාස වලට තිබෙන්න්නේ හොඳ ඉල්ලුමක්.ඉතින් එවන් නිවසක් කාර්යක්ෂමව, ලස්සනට පවත්වාගෙන යාමට අවශ්‍ය ටිප්ස් ටිකක් තමා මේ ඉදිරිපත් කරන්නේ

 

1.බහුකාර්ය මේසයක්.

කුස්සියේ හෝ කාමරයක බිත්ති කබඩ් එකට සවිකර හෝ ඔබට වැඩ වැඩියෙන් තියෙන තැනකට මෙය සැලසුම් කරගන්න පුලුවන්. කුස්සියේ නම් එලවලු කපන්න වගේම ලියන්නත් පාවිච්චි කලහැකි පරිදි සකසා ගන්න පුලුවනි.

2. අකුලන මේස හා පුටු.

පාවිච්චි කිරීමට අවශ්‍ය වෙලාවේ පමණක් දිගහැරගෙන පසුව ඇඳක් යට හෝ සිවිලිමේ හෝ ගබඩා කර තැබිය හැකි පුටු, මේස, ස්ටූල්, ඇඳන් ආදිය ද මෙලෙස සකසා ගන්නට පුලුවනි.

3.බෙඩ් සෝෆා

සුව පහසු සෝෆාවක් සේම එය දිග හැරිය විට දෙදෙනෙකුට නිදාගත හැකි ඇඳක් සේ පාවිච්චි කිරීමට හැකි බෙඩ් සෝෆා එකක් කියන්නෙ අමුත්තෙක් ආවම පුටුවක් වගේම ඇඳක් විදියට පාවිච්චි කරන්න පුලුවන් මෙවලමක්.

4.රෝද සහිත මේසයක්.

මේ මේසය ඔබට අවශ්‍ය ඕනෑම තැනකට ගෙන යා හැකි ලෙස සකසා ගන්න පුලුවනි.රෝද ලොක් කිරීමේ පහසුකම තියාගන්න. කපන්න,කොටන්න,ලියන්න,රෙදි මදින්න ඕනිම දේකට සුදුසුයි.

5.අමුතු ගබඩාව

සිවිලිම ගබඩා කාමරයක් විදියට සකසා ගන්න පුලුවන්.එවිට ඒ ඉඩ අපතේ යන්නෙ නැහැ. නවීන පන්නයේ ඉනිමගක් හෝ යාන්ත්‍රිකව පහලට ඇදීමට හැකි රාක්ක ලෙස සකසා ගන්නට පුලුවන්.

6.බිත්තියෙන් ප්‍රයෝජන රැසක්

ඔබේ නිවසේ කණ්නාඩි මේසයකට ඉඩක් දෙනවාට වඩා එය බිත්තියේ සවි කිරීමෙන් වැඩි ඉඩක් ඉතිරි කරගන්න පිලිවන්. බිත්ති කබඩ්, බිත්ති ඇඳුම් රාක්ක සැලසුම් සහගතව නිර්මාණය කරගන්නට පුලුවනි.

7.පෙට්ටි පුටු

ඔබේ නවීන පන්නයේ පුටු යට ඔබේ විවිධ බඩු භාණ්ඩ ගබඩා කර තැබීමට හැකියි.

8.ලාච්චු ඇඳන්

ඔබේ සපත්තු, රෙදි, පොත් අල්මාරිය ඔබේ ඇඳ යට පිලියෙල කරගැනීමෙන් සෑහෙන ඉඩකඩක් ඉතිරිවෙනවා නියතයි.

චම්මි-

Related Articles

Don't Miss


Latest Articles