ඔබේ දරුවාට අධිකව කේන්ති යනවා ද?

දරුවන් තරහ ගත් විට වැඩිහිටි ඔබ,
වැඩිහිටි ඔබ හැම මොහොතකම හැසිරිය යුත්තේ දරුවන්ට ආදර්ශයක් වන ආකාරයෙන් බව අමතක කරන්න එපා.
නිතර දරුවාට කෑ කෝ ගැසීම කිසිසේත්ම සුදුසු නොවන අතර තරහෙන් සිටින අවස්ථාවේදී කිසිවක් සාකච්ජා කිරීම සුදුසු නොවන බව මතක තබා ගන්න. දරුවාට සවන්දීම ඔවුන්ගේ හැඟීම් වටහා ගැනීම ඉතා වැදගත්.
ඔබේ දරුවා තරහෙන් කාලය ගත කරන්නේ නම්, ඔබ මේ කරුණු ගැන සැලකිලිමත් වෙන්න
  1. දරුවා තරහ ගන්නේ නම් ඒ සඳහා රටාවක් තිබේද?
  2. නිවස තුළ විනය ගැන පැහැදිලි මඟපෙන්වීමක් තිබෙනවාද?
  3. නිවසේ සියලු වැඩිහිටියන් එක ලෙස කටයුතු කරනවාද?
  4. පාසැලින් හෝ දරුවා යන එන තැන්වලින් දරුවාට පීඩනයක් තිබේද?
දරුවා තරහ ගත් විට මේ anger management tips ඔබට වැදගත් වේවි.
  1. තරහ ගත් කාරණයෙන් හෝ කෙනාගෙන් ඉවතට යාමට දරුවාට උපදෙස් දෙන්න.
  2. සිතින් දහයට සෙමින් ගණන් කිරීම පුහුණු කරවන්න.
  3. ඇවිදීම, පිහිනීම වැනි ශාරීරික ක්‍රියාවක යොදවන්න.
  4. නිස්කලංක ද ස්ථානයක් වෙත දරුවා ගෙන යන්න.
  5.  සිත සන්සුන් කරවන ක්‍රියාවකට දරුවා යොමු කරන්න.
  6. සෙමින් ඉහළ පහළ හුස්ම ගැනීම ප්‍රගුණ කරවන්න.
-නිබන්ධිකා-

Related Articles

Don't Miss


Latest Articles