රෝම ඉවත් කිරීම ගැන ගැටළු ඇති ඔබට.

මුහුණේ රෝම අධික වීම සමහර කාන්තාවන් බොහෝ අපහසුතාවයට ලක් කරන කාරණාවක්. මෙය ඇතැම් විට රෝගී තත්ත්වයක පෙර ලකුණුත් විය හැකියි.නමුත් මේ කතාබහ මුහුණේ රෝම ඉවත් කරන පහසු ක්‍රම ගැන යි.

වෙළඳපොලේ ඇති රෝම ඉවත් කරන ආලේපන (Hair Removal Cream)

වෙළඳපොලේ තිබෙන මෙම ආලේපන වඩාත්ම සුදුසු වෙන්නේ කකුල් වල ඇති රෝම ඉවත් කිරීමටයි. මුහුණේ සම ගොඩාක් සිනිඳුයි. වෙළඳපොලේ ඇති ආලේපන වල ඇති සැර රසායනිකයන් මඟින් මුහුණේ තුවාල ඇති වීම, පිලිස්සීමකට ලක් වීම, රතු පැහැති පැල්ලම් ඇති වීම වගේ ප්‍රතිඵල ඇති වෙන්න පුළුවන්.

 ත්‍රෙඩින්ග් ක්‍රමය

ඉහත ක්‍රම දෙකට වඩා මේ ක්‍රමය ටිකක් හොඳයි. නමුත් මේක තනිවම කරන්න හොඳ නැති දෙයක්. මේ ක්‍රමය මඟින් මුහුණේ රෝම ඉවත් කරනවා නම් අනිවාර්යයෙන්ම පළපුරුදු රුපලාවන්‍ය ශිල්පියෙකු ලවා කර ගන්න.

බ්ලීචින්ග් ක්‍රමය

මෙම ක්‍රමය තරමක් භයානකයි. ඔබේ සමට නොගැලපෙන බ්ලීචින්ග් වර්ගයක් භාවිතා කිරීමෙන් සම පිලිස්සීමකට ලක් වෙන්න පුළුවන්. බ්ලීචින්ග් වලට පිලිස්සීමෙන් ඇති වන කැළැල් මකා දැමිය නොහැකියි.
මෙය නිතර නිතර සිදු කිරීම සුදුසු නැහැ. එමෙන්ම දවටනයේ ඇති උපදෙස් නිවැරදිව පිළිපැදීම මඟින් අවදානම අඩු කර ගත හැක.
මුහුණේ රෝම ඉවත් කිරීමට ඇති හොඳම සහ ආරක්ෂිතම ක්‍රමය වැක්ස් ක්‍රමයයි.
  •  කෝල්ඩ් වැක්ස් (Cold wax)
  1. රෝම ඉවත් කළ යුතු ස්ථානයේ පව්ඩර් ගලවන්න.
  2. ලී පතුරක් භාවිතා කරමින් වැක්ස් ආලේප කරන්න.
  3. එය උඩින් කපු රෙදි පටියක් තද කර අලවා ගන්න.
  4. මඳ වේලාවකින් රෙදි පටිය සෙමින් ගලවන්න. මෙය ගැලවීමේදී රෝම වැවී ඇති පැත්තට, විරුද්ධ දෙසට ගලවා දැමිය යුතුයි.
  •  හොට් වැක්ස් (Hot wax)
  1. Hot wax වාෂ්පයෙන් රත් කර ගන්න.
  2. රෝම ඉවත් කළ යුතු ස්ථානයේ පව්ඩර් ගලවන්න.
  3. ලී පතුරක් භාවිතා කරමින් වැක්ස් ආලේප කරන්න.
  4. එය උඩින් කපු රෙදි පටියක් තද කර අලවා ගන්න.
  5. මඳ වේලාවකින් රෙදි පටිය සෙමින් ගලවන්න. මෙය ගැලවීමේදී රෝම වැවී ඇති පැත්තට, විරුද්ධ දෙසට ගලවා දැමිය යුතුයි. (හොට් වැක්ස් ගැල්වීමෙන් සම සිනිඳු වේ. එම නිසා රෙදි පටිය ගැලවීමේදී ඉතා සෙමින් ගලවන්න. නැත්නම් රෝම ගැලවීමේදී, ඒ සමඟම සමත් ගැලවිලා යන්න ඉඩ තියෙනවා.)
  6. හොට් වැක්ස් එකකින් පසුව අයිස් වතුරින් පෙඟවූ පුළුන් වලින් සම තෙත මාත්තු කරන්න.
  7. මොයිස්චරයිස් ක්‍රීම් හෝ සන් ක්‍රීම් ආලේප කරන්න
-නිබන්ධිකා-

Related Articles

Don't Miss


Latest Articles